Monday, January 16, 2017

SAMSUNG ලොක්කා අත්අඩංගුවට??

ලෝ ප්‍රකට ව්‍යාපාර සංවිධානයක් වන සැම්සොන්ග් (Samsung) ව්‍යාපාරයේ වත්මන් ප්‍රධානි
ලී ජැයි යොන්ග් මහතා අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කර තිබෙනවා

 















සැම්සොන්ග් ප්‍රධානි ලි ජැයි යොන්ග් හා දකුනු කොරියානු ජනාධිපති පර්ක්-ගෙවුන්-හයි මැතිණියද ද සම්බන්ද  අල්ලස් හා දූෂණ චෝදනාවක් හේතුකොට ගෙනයි මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

ද.කොරියානු ජනාධිපති පාර්ක් මැතිණියගේ මිත්‍රයකු විසින් පවත්වාගෙන යන පදනමකට අන්‍යාකාරයකින් මූල්‍යමය ආධාර ලබාදීම ඔහුට නැගි ඇති චෝදනාවයි. 

ජනපතිතුමිය


එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්දව ලී මහතාගෙන් පැය 22 කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කර තිබෙනවා.

ලි මහතා සැම්සොන්ග් සමූහයේ ප්‍රධානියා බවට පත්වූයේ එම මහතාගේ පියා වූ සැම්සොන්ග් ප්‍රධානි ලී කුන් හී මහතා හෘදයාබාදයක් හේතුවෙන් පරිපාලන කටයුතු වලින් ඉවත්වීමත් සමගයි. ද. කොරියාවේ විශාලතම සමාගම වන සැම්සොන්ග් සමාගම, එරට දල ජාතික නිෂ්පාදනයට දක්වන දායත්වය සුලුපටු නොවේ.

ෆෝබ්ස් සගරාවට අනුව, මෙම පිය පුතු යුවල ද.කොරියාවේ ජනාධිපතිනියටත් වඩා  බලවතුන් දෙදෙනා වේ. 
     

No comments:

Post a Comment