දෙවැනි ලෝක යුද්ධ කාලේ නාසි ඝාතකයන්ගෙන් යුදෙව්වන් බේරාගත් ඔස්කාර් ශින්ඩ්ලර් ගේ වික්‍රම ගැන ඔයාලා අහලා ඇතිනේ.
මේ කියන්න යන්නේ වර්ගවාදි ගැටුම් නිසා මරණයට නියමවෙලා සිටි
දහසක් මිනිසුන් බේරාගත් වීරයෙක් ගැනයි.
අප්‍රිකානු රටක් වන රුවන්ඩාව දීර්ඝ කාලයක් යුරෝපා යටත් විජිතයක් ලෙස පැවැතියා. සුලු ප්‍රමාණයෙන් ඛනිජ සම්පත් තිබුනත්, ප්‍රධාන ආදායම් මාර්ගය වුනේ කෘෂිකර්මන්තයයි. රුවන්ඩාව 1960 දශකයේදි බෙල්ජියමෙන් නිදහස ලැබුවා.
රුවන්ඩාව තුල ප්‍රධාන හුටු,ටුට්සි හා ත්වා යනුවෙන් ජනවර්ග තුනක් තිබෙනවා. බහුතරයක් හුටු ජනවර්ගය නියෝජනය කලා. ජනවර්ග අතර ගැටුම් රැවන්ඩාවට අලුත් දෙයක් නෙවෙයි. බෙල්ජියම තම පාලනය යහමින් පවත්වාගෙන යන්නට ජනවර්ග අතර තිබුනු මේ ගැටුම යොදාගත්තා. බෙල්ජිමයම් යටත්විජිත තුල අධික ලෙස වර්ගවාදය වැපිරිම කලා. අදටත් බෙල්ජියමේ යටත්විජිත වල ගැටුම් එමටයි.
මියගිය ජනපති |
සිවිල් යුද්ධ නිතර ඇතිවූ අතර, හුටු හා ටුට්සි ජනවර්ග අතර සාම ගිවිසුමක් ඇතිවූයේ අන්තර්ජාතික බලපෑම් හමුවේදියි. නමුත් මේ සියල්ල උඩුයටිකරු වන්නේ 1994 වසරේදි රුවන්ඩාවේ ජනාධිපති Juvénal Habyarimana (හුටු ජාතික) මහතා ගමන්ගත් ගුවන්යානයට එල්ල වූ ප්‍රහාරයක් නිසා මියයැමත් සමගයි. මේ සමගාමිව රජයේ ඉහලපෙලේ නායකයින් කිපදෙනෙක්ම ඝාතනයට ලක්වෙනවා.
හබියාරිමානා මහතාගේ ඝාතනයත් සමගින් සාමගිවිසුම අවලංගු වෙනවා. බහුතර හුටුවරුන් විසින් ටුට්සිවරුන් ඝාතනය කරන්නට පටන්ගන්නවා.
එවකට තිබු රුවන්ඩා හැදුනුම්පතේ තමන්ගේ ජනර්ගය සදහන් කල යුතුයි. මෙය බෙල්ජියම් යටත්විජිත සමයේ හදුන්වාදෙනු ලැබුවක්. පොලිසිය හා හමුදාව විසින් පුද්ගල හැදුනුම්පත් පරික්ෂා කරමින් ටුට්සිවරුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
පෝල් |
මෙවැනි වකවානුවකයි අපේ කතානායකයා වන ‘‘පෝල් රුසේසබාගිනා‘‘ මහතාව හමුවන්නේ. ඔහු හුටු ජාතිකයෙක්. පෝල් Hôtel des Mille Collines හී කලමනාකරුවෙක් ලෙස සේවයකලා.
ගැටුම් උත්සන්න වීමත් සමග පෝල් තම පවුලේ සාමාජිකයින් හෝටලය වෙත රැගෙන එනවා. ඔහු ‘‘හුටු‘‘ වුවත්, ඔහුගේ මව හා බිරිද ටුට්සි ජාතිකයින් වුනා. හෝටලයේ ඉහල කලමනාකාරිත්වය පලායැමත් සමග, හෝටලයේ බාරකරුවා බවට පෝල් පත්වෙනවා.
වර්ගඝාතන නිසා අවතැන්වූ ටුට්සි සරණාගතයින් බොහෝමයක් Hôtel des Mille Collines වෙත පැමිණියා. පෝල් මේ සියල්ලන්ටම නවාතැන් ලබාදුන්නා. එමෙන්ම එක්සත්ජාතින්ගේ සාමසාධක බලකාය මෙන්ම රතුකුරුස සංවිධානය මුදාගත් සරණාගතයින් ද රැදි සිටියේ පෝල් ගේ හෝටලයේදියි.
හුටු හමුදා විසින් හෝටලයට අවස්ථා කිහිපයකදිම පහරදුන්නා. ඒ අවස්ථාවදි පෝල් ගේ දක්ෂ උපායන් නිසා සරණාගතයින් බේරුනා. පෝල් විසින් හුටු හමුදාවට මුදල් ගෙවා ටුට්සි සරණාගතයින් මුදාගත් අවස්ථාද තිබුනා.
ඒ වන විට රුවන්ඩාවේ රැදිසිටි එක්සත්ජාතින්ගේ සමාසාධක හමුදා හා විදේශ හමුදාවන් වලට මෙම වර්ගඝාතන නැවැත්විමේ හැකියාවක් ලැබුනේ නැ. ඔවුන් එය නැවැත්විමට උවමනාවක් තිබුනේ නැ කිව්වොත් එක්තරා ආකාරයකට නිවැරදියි. විදේශිය හමුදා උත්සහා කලේ රැවන්ඩාවේ රැදිසිටින තම රට වැසියන් ආරක්ෂා කරගැනිමට පමනයි.
මේ අතරතුර ටුට්සි කැරලිකරුවන් විසින් හුටු හමුදා යම්තාක් දුරකට පලවාහරින්නට සමත්වෙනවා. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෝල් සරණාගතයින් සමග ටැන්සානියාවට පලායනවා.
ටැන්සානියාවේ මදකලක් රැදිසිටින පෝල් පසුව බෙල්ජියම සංක්‍රමණය වේ. පොල් විසින් හුටු හා ටුට්සි සරණාගතයින් 1,268 බේරාගනිමට සමත්වුනා.
දින සියයක් පමණ පැවැති රුවන්ඩා වර්ගඝාතන හේතුවෙන් මිලියන පමණ පිරිසක් මියගියා. මෙම සිදුවිම නිසා රුවන්ඩා ආර්ථිකය විසුනු වුනා කිව්වොත් නිවැරදියි. මෙහි දුර්විපාක අදටත් රුවන්ඩාව බුක්තිවිදිනවා.
රුවන්ඩා අර්බුදයේදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ හා විදේශිය මැදිහත්විම ප්‍රමාණවත් නැ කියන එකයි මගේ මතය.
අපි සා.පෙල කරන කාලේ ඉතිහාසය පොතේ ඉතා කුඩා ඡේදයක් තිබුනා රුවන්ඩා අර්බුදය ගැන. සා.පොල කරන නංගිලා මල්ලිලාටත් මේ ලිපියෙන් වැඩිදුර කරුනු දැනගන්න ලැබෙන්න ඇති කියලා හිතනවා.
- රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය
No comments:
Post a Comment