Wednesday, August 30, 2017

මගී ගුවන්යානා වල ඔක්සිජන් බෝම්බ

වානිජ මගි ගුවන්යානාවේ හදිසි තත්ත්වයන් හීදි මගින්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සපුරණ ආකාරය ගැනයි මේ ලිපියෙන් දිග හැරෙන්නේ.



වානිජ මගී ගුවන් යානා ගමන් කරන්නේ අඩි දහස් ගනනක් ඉහල අහසේ නොවැ. එවැනි වටපිටාවක පවතින අඩු පීඩනය හේතුවෙන් මගීන්ට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුම සෘජුවම බාහිර පරිසරයෙන් සපුරාගන්න බෑ. ඒ නිසා යානාවේ එන්ජින් තුලදි සම්පිඩනය වූ වාතය සිසිලන පද්ධතියක් තුලින් යවා පසුව ගුවන්යානාවේ මගි කුටියට ඇතුල් කිරිම සිදුකරනවා. සාමාන්‍යයෙන් වානිජ මගි ගුවන්යානා ඔක්සිජන් ටැංකි ගෙනයාමක් සිදුකරන්නේ නැ. එහෙම ගෙනයනවානම් කොච්චරක් කියලා ගෙනියන්නද?

නමුත් හදිසි අවස්ථාවකදි යානාව තුල අවපීඩන තත්ත්වයක්  හෝ කාර්මික දෝශයක් ඇතිවුවහොත්, කහපැහැ ඔක්සිජන් මුහුණු ආවරණ ඉහල පැනලයෙන් පහතට වැටෙනවා ඔයාලා අහලා දැකලා ඇති. කොහෙන්ද එහෙනම් මේ මුහුණු ආවරණ වලට ඔක්සිජන් ලැබෙන්නේ?



මේ මාක්ස් වලට ඔක්සිජන් ලැබෙන්නේ, ඊට සම්බන්ධිත ඔක්සිජන් ජනන යන්ත්‍රයකින්.





හදිසි අවස්ථා වලදි  ඉහල පැනලයෙන් වැටෙන ඔක්සිජන් මාක්ස්, ගුවන් මගීන් විසින් පහලට ඇදිම නිසා ඔක්සිජන් නිෂ්පාදක (chemical oxygen generators) තුල ඇතිවන රසායනික ස්ඵෝටනයෙන් නිකුත්වන තාපය හේතුවෙන්,  එහි අන්තර්ගත රසායනික ද්‍රව්‍ය (NaClO3, BaO2, KClO4 වැනි)  ප්‍රතික්‍රියා කර ඔක්සිජන් වායුව නිපදවනු ලබයි. එම ඔක්සිජන් පෙරිමකින් පසුව නල හරහා මාක්ස් එක වෙත පැමිණ මගීන්ගේ ස්වසනයට අවශ්‍ය වායුව සපයයි.



හදිසියේවත් ඔබ ගමන් කරන ගුවන්යානාවේ මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත්,

  • ඉහල පැනලයෙන් පහතට වැටෙන මාක්ස්, ඔබ දෙසට අදින්න.
  • අන්අයට උපකාර කිරිමට පලමුව, ඔබ විසින් පැලඳගන්න.
  • සාමාන්‍ය ලෙස හුස්ම ගන්න.
  • ඉන්පසුව අන් අයට උපකාර කරන්න.
  • මාක්ස් එක හා සම්බන්ධිත බෑගය නොපිම්බිම ගැන වදනොවන්න.


- රොෂීන් ප්‍රනාන්දු
සංචාරක මතක ඇසුරින්.

2 comments:

  1. කොච්චර ගමන් ගියත් දැනන් හිටියෙ නැහැ නොවැ

    ReplyDelete
  2. මම දන්නා වයසක ජෝඩුවක් ගුවන් ගමනකින් පස්සේ ලයිෆ් ජැකට් එක පවා ගල් කරගෙන ඇවිත් තිබ්බා. මම පුදුමයෙන් ගල් උනා. මම පතනවා ඊට පස්සේ වරද්දන්නෙ නැතුව ඒ ගුවන් සේවිකාවන් සාම ආසනයකම ඒ ජැකට් ඇතිදැයි බලන්න ඇතිය කියල. නැතිනම් ඒ ලයිෆ් ජැකට් අවශ්‍ය මොහොතක් ආවොත්???

    Interesting article

    ReplyDelete