Friday, August 12, 2016

16 වසරක් නිරාහාරව උපවාස කල ගැහැණිය

තම රටේ පනතකට විරුද්දව කාන්තාවක් වසර 16ක් තිස්සේ නිරාහාරව උපවාස කලායි කියලා කිව්වොත් ඔයාලා පුදුම වේවි. මේ යකඩ ගැහැනිය ඉන්නේ ඉන්දියාවේ.




ඇය නමින් ඉරෝම් චානු ශර්මිලා ය.



ඉරෝම් උපත ලබන්නේ ඉන්දියාවේ මනිපුර් හි ඉම්පාල් නම් ගම්මානයේදියි.

1958 වසරේදි සම්මත වූ  Armed Forces (Special Powers)  පනත නැතිනම් (AFSPA) මගින් වරෙන්තුවකින් තොරව පුද්ගල හා දේපල පරික්ෂාව,අත්අඩංගුවට ගැනිම මෙන්ම සාධාරණ හේතුවක් ඇතිවිට පුද්ගලයකු ඝාතනය කිරිමට පවා නිතිමය අවසරය ලබාදෙන ලදි. මෙම පනත නිසා ජනතාවට වූ පීඩාව සුලුපටු නොවේ.

2000 වසරේ  නොවැම්බරයේදි මැලොම් ගම්මානයේදි බස් නැවතුමක සිටි පුද්ගලයින් දස දෙනෙකු ඝාතනයට ලක්කරේ මෙම පනතට මුවා වෙමිනි. මෙම ඝාතනය‘‘ මැලොම් සමූලඝාතනය‘‘ ලෙසද හැදින්වේ. මෙම අවස්ථාවේදි වින්දිතයින් වෙනුවෙන් පෙනිසිටි ඉරෝම්,   Armed Forces (Special Powers)  පනත අවලංගු කරන තුරු ආහාරපාන නොගනිමි  යැයි පවසමින්    2000 නොවැම්බර් 05 දින සිට  උපවාසයක් ආරම්භ කරන ලදි.   



උපවාසය ආරම්භ කර දින 3කින් ඇයව අත්අඩංගුවට ගනු ලබන්නේ සියදිවි දිවිහානි කරගැනිමට උත්සහා කරන බවට චෝදනා කරමිනි. පසුව ඇයව රෝහල් ගත කරන ලද අතර දිගින් දිගටම ආහාර ගැනිම ප්‍රතික්ෂේප කිරිම නිසා නාසයෙන් ඇතුලත් කල බටයක් මාර්ගයෙන් බලහත්කාරයෙන් ආහාර ලබාදිම සිදුකරන ලදි.

ඇගේ  උපවාසය නිසා බොහෝ පිරිසක් ඇය වටා රොක්විය.  AFSPA පනත අහෝසි කරන ලෙස ආණ්ඩුවට දැඩි බලපැමක් ඇතිකලේය.  ඉරෝම් කිහිපවරක්ම ආණ්ඩුවෙන් පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටියේය. 

පසුකාලිනව දේශපාලන පක්ෂවලින්ද ඇයට තම පක්ෂයෙන් මැතිවරණ සදහා ඉදිරිපත් වන ලෙස  ඉල්ලිම් ලැබුනද ඉරෝම් ඒ සියල්ල ප්‍රතික්ෂේප කලේය.

2000 වසරේදි ඉරෝම් ආරම්භ කල උපවාසය වසර 16 කට පසුව, නොබෝදා අවසන් කිරිමට ඇය තිරණය කලේය. ඇය ඉදිරි මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විමටද බලාපොරොත්තු වේ. ඇය තවදුරටත් කියාසිටියේ තමා උපවාසය නැවැත්වූවද, AFSPA පනතට එරෙහි සටන අත්නොහරින බවයි.

ඉරෝම් විසින් සිදුකල උපවාසය, ලොව දිර්ඝතම උපවාසය ලෙස හැදින්වේ.

 නමුත් ,අදටද මනිපුර් තුල AFSPA පනත බලාත්මක වේ.






1 comment: