Monday, August 1, 2016

අයිෆල් කුලුණ යකඩ වලට විකුණු මිනිසා........

ලෝක  ප්‍රසිද්ධ අයිෆල් කුලුණ දෙවරක්ම යකඩ වලට විකුණපු කතාව ඔයාලා අහලා තියනවාද? 
ඒ ගැනයි මේ ලිපිය




1889 වසරේදි පැරිසියේ පැවැති ලෝක ප්‍රදර්ශණය වෙනුවෙන් තැනුනු අයිෆල් කුලුණ, ලොව පුරා සංචාරක අවධානය ලබා ගැනිමට සමත් විය. එමෙන්ම 1930 දක්වා ලොව උසම ගොඩනැගිල්ල වූයේද අයිෆල් කුලුණයි.

අයිෆල් කුලුණ, ගුස්ටාෆ් අයිෆල් වෙනුවෙන් නම් කලද, කුලුණේ මුල් සැලසුම නිර්මාණය කලේ අයිෆල් සමාගමේ ඉන්ජිනේරු  මොරිස් කොයිච්ලින් විසිනි.  මුල් සැලසුම අයිෆල් විසින් පිලි නොගැනිම හේතුවෙන්, මොරිස් විසින්  එමිල් නූගයර් සමග එක්ව නැවතත් කුලුණ සැලසුම් කරන ලදි. මෙයට අංශ ප්‍රධානි ස්ටිවන් ද සම්බන්ද වී ඇත.

අයිෆල්

මොරිස්


නව සැලසුම ගැන පැහැදුනු අයිෆල් විසින් පේටන්ට් අයිතිය ද පවරාගන්නා ලදි.

දිර්ඝ සාකච්චා මාලාවකින් අනතුරුව අයිෆල් ගේ සැලසුම් යෝජනාව ඉදිකිරිම ආරම්බ විය. වසර 2ක පමණ නිර්මාණ කාලයකින්  පසුව   1889 මාර්තු 31 අයිෆල් කුලුණ මහජන ප්‍රදර්ශණයට විවෘත විය.

ලෝක ප්‍රදර්ශණය අවසන් විමත්, පලමු ලෝක යුද්ධය හේතු කොට ගෙන, අයිෆල් කුලුණ වෙත තිබු අවධානය කෙමෙන් කෙමෙන් ඈත් වෙන්නට විය.

මෙන්න මේ වෙලාවේදි තමයි අපේ කතා නායකයා වැඩේට එන්ටන් වෙන්නේ.

ලුස්ටිග්


1925 වසරේ වසන්ත සමයේ දිනකදි ‘‘වික්ටර් ලුස්ටිග්‘‘  ගේ ඇස ගැටුනු පුවත් පත් දැන්වීමක සදහන් වූයේ, පැරිස් නගරයට මේ වන විට අයිෆල් කුලුණ නඩත්තු කිරිමේ ගැටලු මතුවි ඇති බවයි. අයිෆල් කුලුණ මල කන තත්ත්වයකට පත්ව තිබු බවද එහි වැඩිදුරටත් සදහන් විය.

ලුස්ටිග් ඒ වනවිට වංචනික ලෙස මුදල් උපයමින් සිටියේය. ඔහු විසින් ‘‘මුදල් අච්චුගසන පෙට්ටියක්‘‘ නිර්මානය කලේය.  මෙම පෙට්ටිය මගින් සැම පැය 6කට වරක්ම ඩොලර්   100ක නෝට්ටුවක් නිකුත් කරන බව ඔහු පැවසිය. මෙම පෙට්ටියේ වටිනාකම ඩොලර් 30000 කි. ඔහු විසින් මෙම පෙට්ටි ව්‍යාපාරිකයන් වෙත අලෙවි කරන ලදි. මුල් පැය 12 තුල ඩොලර් 100 නෝට්ටු 2ක් නිකුත් වුවද, ඉන්පසුව පෙට්ටිය මගින් නිකුත් වූයේ හිස් කඩදාසි පමණි. මෙවැනි රැවැටිම් මගින් ලුස්ටික් මුදල් ඉපැයිම සිදුකරන ලදි.

අයිෆල් කුලුණ පිලිබද ලිපිය දුටු ලුස්ටිග් ගේ සිතේ අලුත්ම අදහසක් මතුවිය. 

ලුස්ටිග් විසින් තමන් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයකු ලෙස පෙනිසිටිමින්, පැරිසියේ සිටි හොද යකඩ වෙලෙන්දන් සය දෙනෙකු සදහා සාකච්චාවකට ආරාදනා කරන ලදි.

යකඩ වෙලෙන්දන් හමුවේ ලුස්ටිග් කියා සිටියේ, දැනට පැරිසියට අයිෆල් කුලුණ නඩත්තු කල නොහැකි බවත්, එය යකඩ වලට කපා දැමිමට තිරණය කර ඇති බවත්ය. ඇත්ත වශයෙන්ම අයිෆල් කුලුණ යනු ස්ථිර නිර්මාණයක් නොවේ. එය සත්‍ය ලෙසම 1909 වසරේදි වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට සැලසුම් කරන ලදි. එමෙන්ම අද මෙන් නොව, ඒ වනවිට අයිෆල් කුලුණ එතරම්ම ජනාකර්ෂණයට ලක්ව තිබුනේද නැත. මේ සියල්ල පැවැතියේ ලුස්ටිග් ගේ වාසියටයි.

සාකච්ඡාවෙන් නොනැවතුනු ලුස්ටිග්,ව්‍යාපාරිකයින් පිරිස වෙනුවෙන් අයිෆල් කුලුනේ සංචාරයක්ද සැලසුම් කරන ලදි.  එහිදි ලුස්ටිග් ඉල්ලා සිටියේ මේ සියල්ල රහසක් ලෙස තබාගන්නා ලෙසයි. එමෙන්ම ඉදිරි දිනයේදි ලංසු තැබිම සිදුකරන ලෙසද පවසා සිටියේය.

පසුදින ව්‍යාපාරිකයින් විසින් ලංසු තැබු අතර මේ අතුරින්, අන්ද්‍රෙ පොයිසන් විසින් තැබු ලංසුව ලුස්ටිග් විසින් බාරගන්නා ලදි. 

මෙවැනි විශාල නිර්මාණයක් මෙතරම් රහසේ විකිනිම ගැන සැකසිතු අන්ද්‍රෙගේ බිරිද විසින් මේ ගැන ප්‍රශ්න කරන ලදි. වහාම ක්‍රියාත්මක වු ලුස්ටිග් විසින් නැවතත්, පොයිසන් සමග සාකච්ඡාවක් කැදවන ලද්දේ තමන් දේශපාලඥයකු ලෙස පෙනිසිටිමිනි.  මෙහිදි පොයිසන් හා බිරිදගේ සැක සංකා තුරන් කිරිමට ලුස්ටිග් සමත් වූ අතර ලුස්ටිග් හට මුදල්ද ලැබෙන ලදි.

අවසර ලත් සැනින් ලුස්ටිග් මුදල් රැගෙන වියානාවට  පලායන ලදි. තමා වංචනිකයකු වෙත රැවැටුනු බව තේරුම්ගත් පොයිසන් විසින් පොලිසියට මේ ගැන පැමිණිලි කලද, ඉන් පලක් නොවිය.

පලමු වංචාවෙන් පසුව නැවත වරක් පැරිසියට පැමිණි ලුස්ටිග්, වෙනත් යකඩ වෙලෙන්දන් සමග අයිෆල් කුලුණ නැවත වරක් විකිණිම ගැන සාකච්චා අරබන නමුදු, මේ ගැන සැක කල ව්‍යාපාරිකයෙකු පොලිසියට පැමිණිලි කරන ලදි. නමුත් මෙම අවස්ථාවේදිද ලුස්ටිග් පොලිස් ග්‍රහණයෙන් පලායන ලදි.

ලුස්ටිග්, ප්‍රකට මාෆියා නායකයකු වන අල් කපොන් සමගද සබදතා පවත්වා ඇති බව අනාවරණය විය.

කොහොමද ලුස්ටිග් ගේ ගැටය....

- රොෂීන් ප්‍රනාන්දු   

No comments:

Post a Comment