Thursday, August 4, 2016

පූසන්ට පැණිරස දැන්නේ නෑලූ.....

පූසන්ට පැණිරස දැනේනේ නැ කියලා ඔයාලා අැහුවොත් පුදුම වෙයි. නමුත් ඒක ඇත්ත.






ඔයාලාගේ ගෙදර ඉන්න කෑදර පූසාට පැණිරස දැනේනේ නැ කියලා ඔයාලා දන්නවාද? පූසන්ට විතරක් නෙවෙයි කොටියන්, ජගුවරයින්, දිවියන් වැනි  බිලාලයින් බොහෝමයකට පැණි රස දැනනේනේ නැ.

මේ පිලිබදව සැහෙන කාලෙකට කලින් ආචාර්ය ගැරි විසින්  සරල පරික්ෂණයක් සිදුකලා. එහිදි ඔහු විසින් පැණීරස යෙදු ජලය හා සාමාන්‍ය ජලය පූසන්ට දීලා පරික්ෂණයක්  කලා. පූසන් පැණි රසට කැමතිනම් අනිවාර්යයෙන්ම පැණිරස යෙදු ජලය බොන්න ඕනානේ.  නමුත් එහෙම විශේෂයක් පෙන්වලා නැ.

මේ ගැන සාර්ථක පරික්ෂණයක් නැවතත් 2005 වසරේදි සිදුකලේ ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා හී  මොනෙල් සෙන්ටර් ආයතනය විසින්. එහිදි ඔවුන් අනාවරණය කරගත්තා, පූසන්ගේ ජාන වල පැණිරස ප්‍රතිග්‍රාහක ජානය නොමැති බව.

නමුත් ඔයාලාගේ ගෙදර ඉන්න පූසා කේක්, අයිස්ක්‍රිම් වැනි පැණිරස දේවල් කන්නවා දැකලා ඇති.පැණිරස දැනේනේ නැත්තම් ඇයි මේවා කන්නේ කියලා දැන් ගැටලුවක් එයි ඔයාලාට.

පූසන් පැණිරස ආහාර ගන්න හේතු කිහිපයක් තියනවා යැයි සොයාගෙන තියනවා.

  • ඔවුන් රසයටත් වඩා ආහාරයේ සුවදට ආසා කිරිම.
  • ඒවායේ අැති ඇමයිනෝ අම්ල වලට ආසා කිරිම.
  • ආහාරයේ හැඩයට ඇති ආසාව.
අනික පුසන්ටත් අපිට වගේම තිත්ත රස, ලුණු රස, ඇබුල්රස දැනෙනවානේ. 

මොන රස නොදැනුනත්, පූසා කන එක නම් අඩු කරන්නේ නැ....

  



No comments:

Post a Comment