Monday, August 8, 2016

බල්ලන්ටත් නල දරු උපත්

නල දරු උපත් මගින් දරුවන් ලබාගැනිම මිනිසුන් අතර සාමාන්‍ය දෙයක් වුනත්, නලදරු උපත් මගින් බලු පැටවුන් ලබා ගන්නවා කිව්වොත් ඔයාලා පුදුම වෙන්නත් පුලුවන්. නමුත් දැන් නලදරු උපත් මගින් බලු සුරතල් බලන්න පුලුවන්.






නලදරු උපත් ක්‍රමය භාවිතා කරමින් බලුපැටවුන් ලබා ගැනිමට ඇමරිකාවේ කොනල් විශ්වවිද්‍යාලයේ පරික්ෂකයින් සමත් ව ඇත.

බීගල් වර්ගයේ බලුපැටවුන් හා බිගල් හා ස්පැනියෙන් දෙමුහුන් බලුපැටුන් 7 දෙනෙකු මෙසේ උපත ලබා ඇත.
ඔවුන් අයිව්, කැනොන්, බේකර්, බඩි, නිල්,රෙඩ් හා ගින් වැනි නව් යොදා ඇත. 


  
මිනිසුන්ගේ නලදරු උපත් සිදුකරන ආකාරයටම සුනඛයින්ගේද නලදරු උපත් සිදුකර ඇතිවිම මෙහි විශේෂත්වයයි. 

මෙම පරික්ෂණයේ මූලිකයා වූ ආචාර්ය ඇලෙක්ස් ටැවිස් මහතා ප්‍රකාශ කර සිටියේ මෙසේයි.

1970 සිට නලදරු උපත් ක්‍රමය මගින් සතුන් උපද්දවා ගැනිමට උත්සහ කලත්, ඒවා අසාර්ථක වුනා. නමුත් අප මෙවර සාර්ථකයි.අපිට නලදරු උපත් ක්‍රමය මගින් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන, ශක්තිමත් බලු පැටවුන් ලබා ගැනිමට අවස්ථාව ලැබෙනවා. මෙය ආරම්භය පමණයි.

ඉදිරිලිපියකින් නලදරු උපත් ක්‍රමය සිදුකරන ආකාරය ගැන සවිස්තරව දක්වන්නම්.

  


No comments:

Post a Comment