Tuesday, August 2, 2016

මහද්විපය පාවිම නිසා ඔස්ට්‍රේලියාව ඛණ්ඩාංක වෙනස් කරයි.

ඔස්ට්‍රේලියාව විසින් තම දේශිය අක්ෂාංශ දේශාංශ හා global navigation satellite systems හි අක්ෂාංශ දේශාංශ අතර ඇති සුලු වෙනස අවම කිරිම සදහා වෙනස්කම් කිරිමට බලාපොරොත්තු වේ.






 ප්‍රාදේශීය අක්ෂාංශ දේශාංශ සැකසු සිතියම්    හා චන්ද්‍රිකා ඇසුරින් සැකසු සිතියම් අතර මිටරයක පමන වෙනසක් පවති. මෙම වෙනසට හේතු වි ඇත්තේ මහද්වීපික ප්ලාවිතය හේතුකොට ගෙන සැම වසරකම ඔස්ට්‍රේලියා මහද්විපය සෙන්ටිමිටර 7කින් උතුරට ගමන් කරයි.

දැනට චන්ද්‍රිකා සිතියම් සකසනු ලබන්නේ ප්‍රදේශියව ලබාගන්නා අක්ෂෘංශ හා දේශාංශ ඇසුරින් වන බැවින්, මහද්විපය උතුරට ගමන් කිරිම නිසා සිදුවන වෙනස්කම් අනුව නැවත සිතියම යාවත්කාලින විම සිදු නොවේ. 

දැනට ඔස්ට්‍රේලියාවේ ගොවිපල තුල රියදුරන් රහිත ස්වයංක්‍රිය  වාහන භාවිතා කිරිමට අත්හදා බැලිම් සිදුකරන අතර, සිතියම් නිරවද්‍ය විම මෙම අත්හදා බැලිම් වලට මනා පිටිවහලකි. රියදුරන් රහිත රථවාහාන ධාවනය කිරිමේදි අක්ෂාංශ හා දේශෘංශ නිවැරදි විම අනිවාර්ය වේ.

- රොෂීන් ප්‍රනාන්දු 


      

No comments:

Post a Comment