Friday, August 12, 2016

ජිවිත බේරන්න හැදූ defibrillator මාරාන්තිකද?

 defibrillator ගැන නැවත ලංකාව තුල කරළියට ආවේ, ඉන්දියානු ගිලන්රථ සේවය හා defibrillator ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිදුකරන ලද ප්‍රකාශයත් සමගයි.  ඒ නිසා හිතුනා  defibrillator ගැන  මා දන්න කරුණු සරලව කතා කරන්න.    







මෙම ලිපිය තුලදි ප්‍රධාන වශයෙන් සංවාදයට ගනු ලබන්නේ බාහිර  (external)  defibrillator වර්ග ගැනයි. මිට අමතරව සම යටින් තැම්පත් කල හැකි බැටරි බලයෙන් ක්‍රියාකරන  defibrillator වර්ගද (පේස්මේකර්) ඇත.බාහිර, අභ්‍යන්තර defibrillator භාවිතා කල යුතුද යන්න තිරණය වන්නේ අවශ්‍යතාව මෙන්ම අවස්ථානුකුලවයි.


ජිවිත අවධානමක් ඇතිකල හැකි හෘදය ස්පන්දනයේ අක්‍රමවත්බවක් ඇති අවස්ථාවලදි නැවත සාමාන්‍ය රිද්මය ලබාගැනිම සදහා බාහිර විද්යුත් බලයක් ලබාදිමට defibrillator බාවිතා කරයි. එම ධාරාව මගින් හෘත් පේශි ධ්‍රැවනය කර  නැවතත් පෙර රිද්මය ලබාගැනිමට උපකාර කරයි.    

මෙහිදි භාවිතා වන external  defibrillator,  Manual හා Automated  ලෙස වර්ග කල හැක.

Manual external defibrillator

Manual external defibrillator බහුලව භාවිතා කරන්නේ රෝහල් වලදියි. මේ සදහා පුහුණුව ලත් පිරිසක් අවශ්‍ය වෙනවා. Manual external defibrillator උපකරණයේ තියනවා ECG නැත්තම් විද්‍යූත් කන්තුක රේඛනය පෙන්වන මුහුනතක්. නිරන්තරයෙන් මේ මුහුනත ඇසුරින් රෝගියාගේ හෘදයේ  රිද්මය  ගැන අවධානයෙන් සිටිය යුතු අතර ඒ අසුරින්  සුදුසු වන ජූල්ස් ගනනකින් යුතු විදයුත් බලයක් ලබාදිම සිදුකල යුතු වෙනවා. 
අනික විදයුත් ධාරාව සපයා පමණක් ප්‍රමාණවත් නැ. නිසි හෘද සම්බාහනද නොපමාව ලබාදිය යුතුයි. එමෙන්ම අවැසි විට,  ඹෟෂධ වර්ගද භාවිතා කිරිම සිදුකරනවා.
මේ සදහා පෙර සදහන් කල පරිදි මනා පුහුනුවක් අවශ්‍ය වෙනවා. අත්දැකිම් ලත් වෛද්‍යවරයකුගේ නිරික්ෂනය මතයි මෙම උපකරණ භෘවිතය සිදුවන්නේ. 

AED

AED


Automated external defibrillator (AED) උපකරණය භාවිතා කරන්නට විශේෂ පුහුණුයක් අවශ්‍ය වෙන්නේ නැ. උපකරණයේ අත්පොතේ සියලුම පියවර සදහන් වෙනවා. ඒ වගේම භාවිතයත් පහසුයි. සමහර AED උපකරණ වලදි ක්‍රියාපටිපාටිය ස්වයංක්‍රියව නිවේදනය කිරිම සිදුකරනවා. දියුණු රටවල මහාමාර්ග වල, ගොඩනැගිලි වල AED උපකරණ තියනවා. ඒ වගේම ගුවන් යානා වලත් AED තියනවා. 


ජනයා ගැවසෙන ස්ථාන වල ඇති AED 


පුහුණව ලත් පුද්ගලයකුට  AED වලට වඩා Manual external defibrillator  මගින් ඉක්මනින් ප්‍රථිකාර කිරිමේ හැකියාවක් තියනවා. මොකද යන්ත්‍ර ගැන හැමතිස්සේම පූර්ණ විශ්වාසය තැබිය නොහැකියි. 

ඉන්දියානු ගිලන්රථ වල භාවිතා කරන්නේ මින් කුමන වර්ගවයද යන්න මා දන්නේ නැ. නමුත් මා හිතන ආකාරයට එහි තිබිය යුත්තේ Automated external defibrillator විය යුතුයි.  නමුත් තියෙන්නේ Manual external defibrillator නම්, නිසි පුහුනුවත් නැත්තම් එතැනදි ජිවිත අවධානමක් තියනවා.

නමුත් තවත් කාරනාවක් මතු කල යුතුයි.
සැම රෝගියකුටම   defibrillator උපකරණ භෘවිතා කිරිමේ අවශ්‍යතාවක් මෙන්ම හැකියාවක්ද නැ. ඒ නිසා defibrillator තිබුනා කියලා ගිලන්රථයට ගොඩ වෙන්න එපා කියලා ප්‍රචාරය කිරිම සුදුසු නැ.  
නමුත් මේවා ජිවිත සමග කරන ගනුදෙනු නිසා, වහාම බලධාරින්ගේ ඇස් යොමුවිය යුතුයි.




No comments:

Post a Comment