Friday, August 5, 2016

ගල් අරක්කු නම හැදුන හැටි

සාමාන්‍යෙයන් ලංකාවේ අරක්කු වලට ‘‘ගල් අරක්කු‘‘ කියලා කියනවා. අද කතාව මේ නම හැදුන හැටි ගැන. මෙය හුදෙක්ම දැනගැනිම වෙනුවෙන් ලියන ලිපියක් මිස, කිසිදු ප්‍රවර්ධන අරමුනක් නොමැති බවද දන්වා සිටිමි.






නැගෙනහිර පලාතේ ගල්ඔය ව්‍යාපාරයට සමගාමිව, ගල්ඔය වැවිලි සමාගම හා ආණ්ඩුව එක්ව හිගුරාණ සිනි කම්හල ආරම්භ කලා. ගල්ඔය සිනි කම්හල ලෙසත් මෙය හදුන්වනවා.    

සිනි නිෂ්පාදනයේ අතුරුඵලයක් වන මොලැසස් පැසිමේ ක්‍රියාවලි වලට ලක් කරලා මධ්‍යසාර නිෂ්පාදන කිරිම සිදුකරනවා. ගල්ඔය නැත්තම් හිගුරාන සිනි කම්හලේ මොලැසස් යොදාගෙන හදන මධ්‍යසාර ගල්ඔය අරක්කු ලෙස ලේබල් කරලා අලෙවි කලා.

අන්තිමේදි ගල්ඔය අරක්කු, ගල් අරක්කු වුනා.

හිගුරාන සිනි කම්හල පසුව සිනි සංවර්ධන මණ්ඩලයට පවරනු ලබනවා. ගල්ඔය සංවර්ධන මණ්ඩලය, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය බවට පත්කරනු ලැබුවා.

================================================
මධ්‍යසාර පානය හා දුම්බිම ශරිරයට අහිතකරයි. 
================================================




1 comment:

  1. මධ්‍යසාර නෙවෙයි මද්‍යසාර.

    මධ්‍ය = එක තැනකට කැටිවූ = centralised. මද්‍ය = මත්වෙන = alcoholic

    ReplyDelete