Saturday, August 13, 2016

වසර 400ක් ජිවත් වන පෘෂ්ඨවංශියා

පෘෂ්ඨවංශින් අතුරින් වැඩිම කාලයක් ජිවත් වන සත්ත්වයා සොයාගැනිමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.




එම සත්වයා, ග්‍රීන්ලන්ත මෝරා යි.

ග්‍රීන්ලන්ත මෝරා


කාබන් නිර්ණය ඇසුරින් කල පරික්ෂණ වලදි අනාවරණය වී ඇත්තේ, එක් ගැහැණු සත්වයෙක් වසර 400 ක් පමණ ජිවත්ව ඇති බවයි. 

ග්‍රීන්ලන්ත  මෝරා වසරකට සෙන්ටිමිටරයක් පමණ වර්ධනය වන අතර, ලිංගික පරිනතියට පත්විමට වසර 150 ක් පමණ ගතවන බව සොයාගෙන ඇත. පරික්ෂණ අනුව මෙම මොරාගේ මධ්‍යන්‍ය යොවුන් වයස අවුරුදු 272 වන අතර, මහලු වයස අවුරුදු 512 ක් ලෙස සැලකේ. මධ්‍යන්‍ය වයස අවුරුදු 400කි.    

උතුරු අත්ලාන්තික් කලාපයේ හමුවන මෙම මෝරා, සෙමින් පිහිනන මෝරෙකි. දිගින් අඩි 5ක් දක්වා වර්ධනය වේ. තෙල් ලබාගැනිම වෙනුවෙන් ග්‍රීන්ලන්ත මෝරුන් විශාල ගනනාවක් මිනිසා අතින් මරුමුවට පත්ව ඇත.


මීට පෙර වැඩිම කාලක් ජිවත් වන පෘෂ්ඨවංශියා වාර්තාව හිමිවූයේ, වසර 211ක් ජිවත්වන  bowhead තල්මසායි. සත්ත්ව ලෝකයේ විශාලතම මුඛය ඇත්තේද එම තල්මසාටයි.

bowhead තල්මසා


නමුදු අපෘෂ්ඨවංශීන්ද සැලකිමේදි, ලොව වැඩිම කාලයක් ජිවත්වන සත්ත්වයා වන්නේ වසර 507 ක් ජිවත්වන මින්ග් නැමැති බෙල්ලායි.

මින්ග්


- රොෂින් ප්‍රනාන්දු



No comments:

Post a Comment