Monday, August 1, 2016

පාසල් සිසුවකු නිර්මාණය කල ලෝක බලවතාගේ ජාතික කොඩිය

ලොව බලවත් රටක් වන ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් ජාතික කොඩිය නිර්මාණය වූයේ පාසල් සිසුවකු විසින් තම පාසල්ව්‍යාපෘතියක් වෙනුවෙන්   බව ඔබ දන්නවාද? 







රොබට් ජී හෙල්ෆ් උපත ලැබුවේ ඇමරිකාවේ මිචිගන් ප්‍රන්තයේදිය. 1958 වසරේදි හෙල්ෆ් විසින් තරු 50ක් සහිත කොඩිය නිර්මාණය කරනු ලැබුවේ ඉතිහාස විෂය ව්‍යාපෘතියක් වෙනුවෙනි. මෙම කොඩිය සදහා පාසල් ගුරුවරයා  විසින් ‘‘B-‘‘ සාමාර්ථයක් ලබා දෙන ලද අතර  ගුරුවරයා විසින් හෙල්ෆ් වෙත කියා සිටියේ මෙම කොඩිය කොන්ග්‍රසය මගින්  පිලිගත හොත්, තමා ලබාදුන්  ‘‘B-‘‘ සාමාර්ථය වෙනස්කිරිමට සලකා බැලිය හැකි බවයි.   




අවසානයේ මෙම කොඩිය සම්මත වූ අතර, ගුරුවරයා විසින් කොඩිය වෙත ලබාදුන් ‘‘B-‘‘ සාමාර්ථය, ‘‘A‘‘ ​සාමාර්ථයක් ලෙස වෙනස් කරන ලදි.

ඇමරිකානු ජාතික කොඩියේ ඇති තරු 50 මගින් ඇමරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රන්ත නිරුපනය වන අතර, තිරස් ඉරි 13 මගින් ඇමරිකාවේ පිහිටවූ බ්‍රිතාන්‍ය කොලනි නිරුපනය වේ.

එමෙන්ම තරු 51 සිට  තරු 60ක් දක්වා අන්තර්ගත වන කොඩි වල අයිතියද පවතින්නේ හෙල්ෆ් සතුවයි.


- රොෂින් ප්‍රනාන්දු 

No comments:

Post a Comment