Wednesday, July 11, 2018

ඔස්ටියෝපොරෝසිස් හා කාන්තා ඔබ!

ඔස්ටියෝපොරෝසිස් රෝගය වයස්ගත කාන්තාවන් අතර ඉහල ප්‍රතිශතයකින් දැකිය හැකි රෝගයකි.
ඇයි කාන්තාවන් වැඩිපුර ඔස්ටියෝපොරොසිස් වලට ගොදුරුවන්නේ?
ඔබට, ඔබේ මවට, සොයුරියට හෝ බිරිදට මේ ලිපිය වැදගත් වෙවි.




සිරුරේ චලනයන්ට, අභ්‍යන්තර අවයව පටක ආරක්ෂාව මෙන්ම හැඩය පවත්වාගැනිමටද  අස්ථි පද්ධතිය උපකාරි වේ. අස්ථියක් සෑදීමට උපකාරි වන ඔස්ටියෝබ්ලාස්ට නම් සෛලද, අස්ථි ඛාදනය කර එයින් ඛනිජ ලවන රුධිරයට මුදාහැරිමට උපකාරි වන ඔස්ටියෝක්ලාස්ට සෛල ද පවති.

මේ සෛල වල තුල්‍ය ක්‍රියාකාරිත්වය හේතුවෙන් අස්ථි නඩත්තු වන අතර රුධිරයේ කැල්සියම් පොස්පේට අයන මට්ටම් යාමනයටද උපකාරි වේ. මන්ද යත් අස්ථි වල ඒවා ගබඩා කරන බැවිනි. සිරුරේ නිපදවන හෝමෝන මගින් ඉහත ක්‍රියා පාලනය වේ.

ක්‍රමයෙන් වර්ධනය වන අස්ථි වයස අවුරුදු 30 දි පමණ උපරිම අස්ථි ඝනත්වයට ලගා වේ.

ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis) යනු අස්ථී ක්‍රමයෙන් දුර්වල වෙමින්  බිදෙනසුළු/කැඩියන තත්ත්වයට පත්විමයි. කාලයත් සමග වර්ධනය වන මෙය බොහෝවිට විනිශ්චය කරගන්නේ අස්ථිවල ඇතිවන බිදුම් නිසාවෙනි. මේ ලිපියේදි කාන්තාවන් මූලික කරගෙන ලියවූවද පිරිමි පාර්ශවයටද මෙය වැළදේ.

ඔස්ටියෝපොරෝසිස් ප්‍රයිමරි (වයසත් සමග ඇතිවන) හා සෙකන්ඩරි(විවිධ රෝග හා බෙහෙත් නිසා ඇතිවන) ලෙස වර්ග කල හැක.

මෙහිදි අප ප්‍රයිමරි ඔස්ටියෝපොරෝසිස් එනම් වයස සබැදි තත්ත්වය  ගැන අවධානය යොමුකරමු.

කාන්තාවක් ආර්තවාභවයට  (Menopause) පත්වීමත් සමග සිරුරේ හෝමෝන මට්ටම්  කැපිපෙනෙන ලෙස වෙනස් වේ. ඊස්ට්‍රජන්  හෝමෝනය, ස්ත්‍රින්ගේ ප්‍රජනන හා ලිංගික ලක්ෂණ පාලනයට අමතරව අස්ථි පරිනතිය හා අස්ථි ඛනිජ ඝනත්වය පවත්වාගනිමින් අස්ථි  ආරක්ෂා කිරිමද දායක වේ.

ඊස්ට්‍රජන් හෝමෝනය මට්ටම පහල යත්ම අස්ථි වලින් කැල්සියම් අයන, පොස්පේට නිදහස් වීම වැඩිවේ.  අස්ථි ඛනිජ ඝනත්වය අඩුවෙමින් අස්ථි හායනයට ලක්වේ. කාලයත් සමග අස්ථි හායනයෙන් දුර්වල වන අස්ථි බිදියෑමට වැඩි ඉඩකඩක් ඇත. කලින් ආර්තවාභාවයට පත්වූ කාන්තාවන්ට ඇති අවධානම සාපේකෂව වැඩිය.

මීට අමතරව බලපාන අනෙකුත් සාධක
  • පවුලේ රෝග ඉතිහාසය
  • මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය
  • ආතරයිටිස් තත්ත්ව
  • දිර්ඝකාලින ඖෂධ භාවිතය
  • පෝෂණ ඌනතා
  • අඩු BMI අගය
කාන්තාවන් අතර උසට සරිලන බර අවම මට්ටමක පැවැතිම, සිහින් සිරුරක් දැරිම මගින් අස්ථි අඩු ඝනත්වයක් දැරිම වැනි හේතු නිසාද ගැටලුව තවත් උඝ්‍ර වේ. වයස්ගත වෙත්ම සිරුරේ පෝෂණ ද්‍රව්‍ය උරාගැනිමේ හැකියාවද කෙමෙන් අඩුවේ.

අවදානම මගහරවාගැනිමට ජිවන රටාවේ ඇතිකරගත හැකි වෙනස්කම්,
  • කැල්සියම් හා විටමින් D සහිත ආහාර ප්‍රමාණවත් පරිදි පරිභෝජනය 
  • ව්‍යායාම වල නිරත වීම
  • BMI අගය නියමිත මට්ටමේ පවත්වාගැනිම
  • මධ්‍යසාර භාවිතයෙන් වැලකීම
  • අවිධිමත් හෝමෝන ප්‍රතිකරයන්ගෙන් වැලකී සිටිම


- රොෂින් ප්‍රනාන්දු

 


No comments:

Post a Comment