Wednesday, July 25, 2018

අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය

කාලයක් ලොව වැළදගෙන සිටි අතුරුදහන් වූ 
ලෙමුරියාවේ ඇත්ත නැත්ත 
අද ලිපියෙන් දිග හැරෙන්නේ.





අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය, 19 වැනි සියවසේ විද්‍යාඥයින් විසින් හදුන්වාදෙනු ලැබු කල්පිතයක් වන අතර ඉන්දියාව හා මැඩගස්කරය අතර වූ විවිධ සමානතා ඔවුන්ට මෙම කල්පිතය ඉදිරිපත් කිරිමට මුල පිරුවේය. දකුණු දිග ඉන්දියාවේ සිට ශ්‍රි ලංකා භූමියද ඇතුලුව මැඩගස්කරය තෙක් විහිදුනු මෙම දැවැන්ත භූමි ප්‍රදේශය දැවැන්ත ස්වභාවික විනාශයක් හමුවේ විනාශ වි ගිය බව එවක විද්‍යාඥයන්ගේ මතය විය.



ලෙමුරියාව පිලිබද උපකල්පනයන් එලිදැක්වූ විදඥයින් අතුරින් කැපීපෙනන කීප දෙනෙකි. 1860 දි පමණ බ්‍රිතාන්‍ය භූවිද්‍යාඥ විලියම් තෝමස් බ්ලැන්ෆර්ඩ් ගවේෂණ ඇසුරින් දකුණු දිග ඉන්දියාවේ හා දකුණු  අප්‍රිකාවේ හමුවන ආදි පාෂාණ වල සාමානතාවක් ඇතිබව හෙලිකලේය.  එමෙන්ම මේ කලාප දෙදෙකෙහි හමුවන ශාක හා සත්ත්ව පොසිල වලද පැහැදිලි සබදතා තිබෙන බව හෙලිවිය. 


බ්ලැන්ෆර්ඩ්

ස්ක්ලේයටර්
ක්‍රි.ව 1864 දි බ්‍රිතාන්‍ය සත්ත්ව විද්‍යාඥ පිලිප් ස්ක්ලේටර් විසින්(Philip Sclater) විසින් මැඩගස්කර් හී සිටින ලීමර් සත්ත්වයන් හා ඉන්දියාවේ හමුවන ලීමරයන් අතර සහසම්බන්දයක් ඇති බවට අනාවරණය කලේය.  ඉන්දියාව හා මැඩකස්කරය  දුරින් හා සාගරයකින් වෙන්ව පැවතිම නිසා, පෙර අවධියේ ඉන්දියාව හා මැඩගස්කරය අතර භූමිය සම්බන්දව තිබී ඇති බවට තවදුරටත් ප්‍රකාශ කලේය. එම භූමිය ඔහු ලෙමුරියාව ලෙස නම්කලේය.

ලීමර්
ලෙමුරියා සංකල්පයට විද්‍යා සමාජය තුල යම් පිලිගැනිමක් ලැබෙන්නට විය.  ජර්මානු විද්‍යාඥ අර්නස්ට් හේකල් (Ernst Haeckel) විසින් අතුරුදහන් වූ ලෙමුරියා මහද්වීපය ආදි මිනිසාගේ මුල් භුමිය බවත් බොහෝ ප්‍රිමේටාවන් උපත ලද්දේ මෙහි බවටත් ප්‍රකාශ කරන්නට විය. 

හේකල්
පරිණාමයේ මගහැරුණු එම මිනිස් පුරුක සොයාගැනිමට අපහසු ව ඇත්තේ ලෙමුරියාව ගිලියැමෙන් බවද සදහන් කල හේකල් ආසියාවේ හා මැඩගස්කරයේ  ලීමරයන්ගේ ව්‍යාප්තිය උපුටා දක්වමින් කියා සිටියේ, ලෙමුරියා භූමිය මතින් ලොකයේ අන් ප්‍රදේශ කරා මිනිසා ඇතුලු සත්ත්වයන් සංක්‍රමණය වූ බවයි.

මෙසේ විද්‍යාඥයින් අතර කල්පිත අතර වැජඹුණු ලෙමුරියා මහද්වීපය අවලංගු කාසියක් බවට පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ් වේග්නර් විසින් මහද්වීප ප්ලාවිතය (continental drift) සිද්ධාන්තය හෙලිකිරිමත් සමගයි.

ඉතා ඇත අතිතයේ අද දක්නට ලැබෙන මහද්වීප සියල්ලම එක්ව එක් මහද්වීපයක් එනම් ජැන්ජියාව ලෙස පැවතුනා. එය බෙදි ලොරේෂියාව හා ගොඩ්වානාලන්තය සාදනවා. ගොන්ඩ්වානාලන්තයට අයත් වුනේ අප්‍රිකාව, උතුරු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අරාබිය, ඇන්ටාක්ටිකාව වැනි ප්‍රදේශ අයත් වූ අතර එය බෙදියැමෙන් පසු ඉහත භූමින් පාවි විසිරි වර්තමාන සැකැස්ම සාදනවා. ඒඅනුව කලක් ඉන්දියාව හා අප්‍රිකාවේ මැඩගස්කරය එකම භූමියක්ව පැවතිම හේතුවෙන් මිස භුමි පාලමක් තිබිම නොසා නොවෙයි,  හමුවන පොසිල හා පාෂාණ වල සමිපතාවක් තියෙන්නේ.  



මහද්වීප සකස් වූ අකාරය පිලිබද පැහැදිලි මත ඉදිරිපත් වීමත්, සාගරය පත්ලේ දත්තත් සැලකිමෙන් පසු ලෙමුරියාව නමින් ගිලිගොස් අතුරුදහන් භූමි සේතුවක් තිබි නැති බවත් එය කල්පිතයක් පමණක් බවත් විද්‍යාඥයින් තීරණයකට එලැබෙනවා. 




දකුණු ඉන්දිය ජනසමාජය තුලද ලෙමුරියාවට සමාන කුමාරි කන්දම් නම් භූමියක් ගැන සදහන්වනවා. කුමාරි නාඩු ලෙසින්ද හැදින්වෙන මෙය පැරැණි දමිළ ශිෂ්ඨාචාරය පැවැති භූමිය බවත් පසුව ගිලිගිය බවත් මතයයි. 


බටහිර ලෝකයෙන් ලෙමුරියා සංකල්පය බිහිවිමත් සමග ලෙමුරියාව යනු කුමාරි කන්දම් යැයි දමිල ජනයා අතර මතයක් පැතිර ගියා. ලෙමුරියා සංකල්පය අද අවලංගු වුවද දකුණු ඉන්දියාවේ අැතැමෙක් අදටත් කුමාරි කන්දම් මතය ඉදිරියට ගෙන යනවා. 

මීට අමතරව ලංකාවේ බුකියේ විවිධ පේජ් කරන අයත් ලෙමුරියාව අතාරින්න කැමැතිම නැ!!!

- රොෂීන් ප්‍රනාන්දු

සබැදි ලිපි -

1 comment: