Friday, June 3, 2016

එවරස්ට් ලොව උසම කන්ද වූ හැටි

එවරස්ට් තියන හිමාල කදු වැටිය හැදුන හැටි ගැනයි අද කියන්න යන්නේ්‍.


පෘථිවියේ මුලින්ම තිබ්බේ එක මහද්වීපයයි. මෙය පැන්ජියාව ලෙස 
හදුන්වනවා. පැන්ජියාව, පසුව කැඩි ගොස් ගොන්ඩ්වානාලන්තය හා 
ලොරේෂියාව කියන මහද්වීප දෙක හදනවා. ලොරේෂියාව තිබ්බේ 
ගොඩ්වානාලන්තයට උතුරින්. දැන් තියන යුරෝපය, ඉන්දියාව හැර 
ආසියා කොටස, උතුරු ඇමරිකාව ඒ කාලේ අයත් උනේ 
ලොරේෂියාවට. 
පැන්ජියාව

ගොන්ඩ්වානාලන්තයට අයත් වුනේ අප්‍රිකාව, උතුරු ඇමරිකාව, 
ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, අරාබිය,ඇන්ටාක්ටිකාව වගේ ප්‍රදේශ. මෙම 
මහද්වීම අතර තිබ්බ මුහුද හැදින්වූයේ තෙතිස් මුහුද කියලා.
                                


පසුකලෙක ගොන්ඩ්වානාලන්තයේ තිබු ඉන්දියානු තැටිය උතුරු දෙසට 
ගමන් කරලා තියනවා. ඔස්ට්‍රේලියානු තැටිය නැගෙනහිරට ගමන් කරලා 
තියනවා. නමුත් පසුව ඔස්ට්‍රේලියානු තැටිය යම් කැරකීමක් සිදුවී උතුරට 
ගමන් කරලා තියනවා. උතුරට ගමන් කරමින් තිබු ඉන්දියානු තැටිය හා 
ඔස්ට්‍රේලියානු තැටිය එකට ගැටි තියෙන්නේ මේ නිසා. මෙම භූතැටි 
ඝට්ටනය නිසා තමයි ඉන්දු - ඔස්ට්‍රේලියානු භූ තැටිය නිර්මාණය 
වෙන්නේ. ඉන්දු - ඔස්ට්‍රේලියානු භූ තැටි ගැටීම නිසා භූ තැටි උතුරට 
ගමන් කරන වේගය තවත් වැඩි වෙලා තියනවා.

මෙන්න මේ තල්ලුව නිසා උතුරට ගිය භූ තැටිය, වේගයෙන් යුරේසියානු 
භූ තැටියේ ගැටිම නිසා තමයි ලොව උසම කදු පද්ධතිය හදන්නේ. 
මෙයින් මෙඝාලයේ සිට හිමාලය හරහා හින්දුකූෂ් දක්වා නිර්මාණය 
වෙනවා. මේ සිදුවීම වෙන්න වසර මිලියන 50ක් විතර ගතවෙලා 
තියනවා.


ගොන්ඩ්වානාලන්තය හා ලොරේෂියාව අතර තිබු තෙතිස් මුහුදු පතුල අද 
තියෙන්නේ හිමාල කදු වැටියේ. එයින් හමුවෙන ෆොසිල මගින් ඒ බව 
තහවුරු කරන්න පුලුවන්. ඒ වගේම ඉන්දු- ඔස්ට්‍රේලියානු භූ තැටිය 
තවදුරටත් උතුරට ගමන් කරන නිසා ඉතා සෙමින් හිමාල කදුවැටියේ 
උස වැඩි වෙනවා.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment