Thursday, July 26, 2018

පුරාණ ගර්භණි පරික්ෂණ ක්‍රම

නූතන ගර්භණි පරික්ෂණ ක්‍රම ගැන ජනේලයෙන් මීට පෙර කතා කරලා තියෙනවා යාලුවන්ට මතක ඇති.
අද කතා කරන්න යන්නේ ඈත අතිතයේ වෛද්‍ය විද්‍යාව නොදියුණු සමයේ තිබූ ගර්භණි පරික්ෂණ ක්‍රම වෙතයි.






අතීත ගර්භණි පරික්ෂණ ක්‍රම සලකා බැලිමේදි පුරාණ මිසරයේ ගර්භණි පරික්ෂණ ක්‍රමයට මුල් තැනක් ලැබේ. 

තිරිගු හා බාර්ලි ඇට ගෙන එය වෙන වෙනම පස් වලට යටකොට මුත්‍රා කිරිමට එවක මිසර වෛද්‍යවරුන් කාන්තාවන්ට උපදෙස් ලබාදුන්නා. ටික දවසකින් පසුව යම් හෝ ඇටවර්ගයක් පැලවෙන්න ගත්තොත් කාන්තාව ගැබ්ගෙන යැයිද,පැල වුනේ නැත්තම් ගැබ්ගෙන නැතැයිද එවක මතය වුනා. බාර්ලි පැල වුනොත් පිරිමි දරුවෙක්ද, තිරිගු පැලවුනොත් එය ගැහැණු දරුවෙක්ද යැයි උපකල්පනය කරනවා.

මෙම අවිධිමත් පරික්ෂණය පිලිබදව,  නූතන විද්‍යාඥයන් පරික්ෂණාගාරවලදි පරික්ෂණ කරාම ඉහත කතාවේ යම් නිරවද්‍යතාවත් තියෙනවා කියලා දැකලා තියෙනවා. ගර්භණි කාන්තාවකගේ මුත්‍රා වල තියෙන විවිධ සංඝටක නිසා ඇට පැලවිම උත්ප්‍රේරණය කිරිම සිදුවේයැයි මතයයි.  නමුත් පැලවෙන ඇටවර්ගය අනුව උපදින දරුවාගේ ලිංග නිර්ණය කිරිම නම් විද්‍යාත්මකව සනාථ කර නැ.

මිසරය තිරිඟු හා බාර්ලි භාවිතා කරද්දි  මෙම පරික්ෂණය ආසියාකරයේ අබ ඇට යොදාගෙන සිදුකර තිබෙනවා යැයි දැනගන්නට ලැබුනා.

මීට අමතරව පැරැණි ක්‍රම කිහිපයක්,

මුත්‍රාවල වර්ණය මගින් - ඈත අතිතයේ ගොඩක් ප්‍රචලිත වෙච්ච ක්‍රමයක්. විශේෂයෙන්ම යුරෝපයේ. මුත්‍රාවල වර්ණය අනුව හා එවා වයින් සමග කලවං කරලා ලැබෙන වර්ණය අනුව ගර්බනි දැයි කියලා තියෙනවා.
නමුත් මේ ක්‍රමයේ නිවරද්‍යතාවයේ ප්‍රශ්ණ තියෙනවා.

ලූණු පරික්ෂාව - මේක පරික්ෂාව නම් කරන්න හිතන්නවත් හොද නැති දෙයක්. ගර්භණි යැයි සැක කරන කාන්තාවගේ යෝනි මාර්ගයට ලූණුගෙඩියක්/කැල්ලක් ඇතුල් කරලා පසුදින උදැසන ඇගේ සුසුම් වල සුවද බලනවා. ලුණු සුවද දැනෙනවානම් ඇය ගැබ්ගෙන නැ. දැනෙනේ නැත්තම් ගැබ්ගෙන යැයි එවකට නිගමන කලා. බැලුබැල්මෙන්ම සාවද්‍ය පරික්ෂණයක්

මී පරික්ෂාව - විසිවැනි සියවසේ පරික්ෂාවක්. මුත්‍රා මීයන්ට එන්නත් කරලා මියයනවාදැයි බලා කපා මියන්ගේ ඩිම්බකෝෂ පරික්ෂා කිරිම මගින් මතයකට එලැබිම. මීයන්ට අමතරව හාවන් යොදාගෙනත් කරලා තියෙනවා.

මේ ඉතිහාසයේ හමුවන අවිධිමත් පරික්ෂන කිහිපයක් විතරයි. තවත් හෙලි නොවු අරුම පරික්ෂණ කොතරම් තිබෙන්නට ඇත්ද?

අද වන විට පහසු ඉක්මන් හා නිරවද්‍ය ගර්භණි පරික්ෂණ ක්‍රම තියෙනවා. පාමසියට ගියා අරන් ආවා ටෙස් කලා. ඒ නිසා ඇට පැල කරලා ප්‍රතිපල එනකං බලන් ඉන්න ඕනා නැ.

- රොෂින් ප්‍රනාන්දු

සබැදි ලිපි




No comments:

Post a Comment