Saturday, July 21, 2018

චන්ද්‍රසේන ගේ තවලම

හිච්චිකාලේ අද මෙන් සැනසිල්ලේ සින්දුවක් හිතුනු හිතුනු වෙලාවට අහන්නට නානාවිධාංග තිබුනේ නැත.සුහුරු නොවූ රේඩියෝව කරගසා යුතු තරමේ විය. ගුවන්විදුලිය හා රූපවාහිනියප්‍රභූ පන්තියේ සලකා භාවිතයට යු.සියට පනම් ගෙවු බව ද මතකය. හිතුනු වෙලාවට සින්දුව ගූගල් කිරිම නොහැකි වූයේ රේඩියෝ එකේ යතුරු පුවරුව අස්ථානගතව වී තිබූ බැවිනි.ආසාකරන සින්දුව කැසට් එකකින් හෝ චැනල් එකකින් යන තුරු හෝ ඉල්ලිය යුතුය. මෙමරි කාඩ්එකට සමාන බලයක් එදා පෝස්කාඩ් එකට තිබිනි.
නිතර අතපත ගාන කැසට් ලොට් එකේ හිත ගිය එක් කැසට් පටයක් විය. තරුණසේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමේ ගීත ඇතුලත් එහි මා ඇලුම් කල ගීත කොනකි, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා ගේ ‘‘තවලම් අපි යනවා..‘‘. කෙටි වුවද මිහිරි ගීයකි.
ඈත හමායන මද සුලගේ ඔබ
බිදුවක් නවතින්නේ
කාලය ගෙවිලා යයි සැනෙකින්
බිදුවක් නවතින්නේ
තුන්යම කතර ගෙවා
ගැල් පුරවාගන හනි හනි හනිකට
තවලම් අපි යනවා
දිවිය ගෙවන්නට අඹුදරු රැකුමට



තවලම පදයේ හරි අරුත් දැනගත් සමයේදි නැවත අසන්නට කැසට් පටය ඉතිරි නොවූයේ නොදැනුවත්වම එම කැසට් පටයේ වෙනත් ගීතයක් රෙකෝඩ් කිරිම නිසාවෙනි. තවලම, නිසි ප්‍රවේශ මාර්ගයක් රහිත කදුකර ගම්මාන වෙත පිවිසිම සදහා ගවයන් පිටබර ගෙනගිය ප්‍රවාහණ ක්‍රමයකි.


කරත්තයටත් වඩා ඈත අතීතයක් තවලම හා බැදුනද කරත්ත කවිය තරම් තවලම් කවිය ඉස්මතු වූයේ නැතැයි කිවහොත් නිවැරදිය.ගොඩැලි බඩවැටි ගල්තලා මතින් වැටුනු තවලම් ගමන කිසිසෙත්ම සුන්දර කදුවැටි නිර්මාණය කරන චමත්කාරය තරම් සුන්දර නොවන්නට ඇත. ගමනේ කටුකබව හා දුක්ගැහැට නිරාසයෙන්ම කවියට පෙරලුනද, පරයා නැගුනු කදු තවලම්කරුගේ හඩ ගිලගන්නට ඇති. වරෙන් වරෙන් ගමනට දවල් වෙනවා
ඉසෙන් කරෙන් ගෙනියන බඩු බර වෙනවා සැරෙන් සැරෙන් යන ගං සැරවෙනවා
මරෙන් පොරෙන් ඉපලවගමු පසුවෙනවා අදද කලාතුරකින් ඇසෙන දීර්ඝ ඉතිහාසයක් ඇති තවලම් කවිය පිලිබද නිසි අධ්‍යනයක් කිරිම තවලම්කරු හා සත්ත්වයා දැරු වෙර වීරියට ඇගයීමකි. මෙරට ගවේෂකයන්ට මෙය නිමිත්තක්ම වේවා! - රොෂින් ප්‍රනාන්දු

4 comments:

  1. දුෂ්කර ගමන ලදු වැටි බඩ වැටි ඔස්සේ
    ඉස්සර කරන් තවලම බඩු පොඩි බැන්දේ
    විස්තර සොයා ඒ කියවුන කවි අස්සේ
    ලස්සන කරා මතකය මේ ලිපි පොඩ්ඩේ......

    ReplyDelete
  2. අදද කලාතුරකින් ඇසෙන දීර්ඝ ඉතිහාසයක් ඇති තවලම්

    ReplyDelete