Thursday, May 19, 2016

කාබන් 14 කාල නිර්ණය සරලව‬

පොසිල කොපමණ පැරණිද කියලා සොයන්න භාවිතා කරන කාබන් 14 කාල නිර්ණ ක්‍රමය ගැන ඔයාලා අහලා ඇතිනේ. කාබන් 14 කාල නිර්ණ ක්‍රමවේදය කියන්නේ මොකක්ද? කරන්නේ කරන්නේ කොහොමද කියලා සරලවම කතා කරනයි අද සූදානම.


වායුගෝලයේ බහුලව තියෙන කාබන් සමස්ථානිකය තමයි C12 කියන්නේ. C12 සමස්ථානික ප්‍රෝටෝන 6ක් හා නියුට්‍රෝන 6කින් සමන්විතයි. නමුත් නයිට්‍රජන් පරමාණුවල (N14), කොස්මික් කිරණ ගැටිම නිසා C14 සමස්ථානිය (ප්‍රෝටෝන 6ක් හා නියුට්‍රෝන 8ක්) සැදෙනවා. C14 සමස්ථානිකය අස්ථායි හා විකිරණශීලියි. C12 වගේම C14ත් ශාක වලදි ප්‍රභාංස්ලේෂණයට ලක්වෙනවා. ප්‍රභාසංස්ලේෂණයට ලක්වි ආහාර ලෙස ශාක වල තැම්පත් වෙනවා වගේම ඒ ශාක ආහාරයට ගන්නා සතුන් තුලත් C14 තැම්පත් වෙනවා. ඒ කියන්නේ අපේ මිනිස් ඇගෙත් තියනවා කියන එකයි.


මෙසේ තැම්පත් වූ C14 වලින් කාලය මනින්න යොදාගන්නේ අර්ධ ආයු කාල ගණනයෙන්. අර්ධ ආයුකාලයක් කියලා කියන්නේ, මුල් සාම්පලයේ වූ ප්‍රමාණය හරි අඩක් වීමට ගතවන කාලයයි. අපි හිතමු මුල් සාම්පලයේ C14, 200ක ප්‍රමාණයක් තිබුනා කියලා, අන්න ඒ 200ක ප්‍රමාණය, 100ක් වෙන්න ගතවූ කාලය තමයි අර්ධ ආයු කාලය කියලා කියන්නේ. C14 හි අර්ධ ආයු කාලය වසර 5730ක් වෙනවා. ‍






අපි හිතමු අපිට හමුවුන ශාක පොසිලයක C14 තිබුනේ 1/4ක ප්‍රමාණක් විතරයි. ඒ කියන්නේ මුල් ප්‍රමාණය භාගයක් වෙලා, නැවතත් භාගයක් වෙලා කියන එකනේ. ඒ අනුව කියන්න පුලුවන් අර්ධ ආයු කාල 2ක් ගතවෙලා කියලා. අර්ධ ආයුකාලයක් සදහා වසර 5730ක් ගතවෙන නිසා ශාකයේ වයස (5730*2) ක් නැත්තම් වසර 11460 ක් කියලා ගනනය කරගන්න පුලුවන්. මේ සරල ගණනය කිරිමක් පමණයි. මීට වඩා සංකිර්ණ ගණිතමය සමිකරණ භාවිතා වෙන බවත් කියන්න ඕනා.



පොසිලයක C14 ප්‍රමාණය සොයාගන්න සංකිර්ණ පරික්ෂණ මාලාවක් තියනවා. මේ පරික්ෂණ සිදුකරන්නේ විකිරණ එක්ක.

C14 කාල නිර්ණය හදුන්වාදුන්නේ විලාඩ් ලිබි මහතා විසින්. මේ සොයාගැනිම වෙනුවෙන් ඒ මහතාට නොබෙල් සම්මානය පවා හිමිවෙනවා.


නමුත් අනාගතයේදි නම් C14 කාල නිර්ණය කිරිම පිලිබදව ගැටලු මතු වෙන්න පුලුවන්. මොකද මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික කාබන් චක්‍රයට දැඩි බලපෑම් එල්ල වි තිබෙනවා. මේ නිසා අනාගතයේදි වෙනත් කාල නිර්ණ ක්‍රමවේදයකට යෑමට සිදුවේවි.



- රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. වෙන දෙයක් හොයද්දි ජනේලය නෙත ගැටුනා. දන්නා කෙනෙක් බව දැනගත්තම සතුටු හිතුනා. ලිපිය අගෙයි. සරලයි. පැහැදිලියි.

    ReplyDelete