Wednesday, May 11, 2016

අට්ටාලයක් මත ඇති රට - සීලෑන්ඩ්

අමුතුම රටක් ගැනයි අද කතාව
රටක් ගැන අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතර සංවාදයක් ගියා.


#‎මල්ලි‬ - අයියේ, මේ කියන රටේ නම මොකක්ද?
‪#‎අයියා‬ - සීලෑන්ඩ් (sealand)

#මල්ලි - ඔය කියන රට කොයි හරියේද තියෙන්නේ අයියා?
#අයියා - මේක තියෙන්නේ මල්ලි, එංගලන්තය ලග උතුරු මුහුදේ අට්ටාලයක් උඩ.

#මල්ලි - අට්ටාලයක් උඩ? අට්ටාල උඩ කොහොමද අයියා රටවල් තියෙන්නේ?

#අයියා - ඇත්තටම මල්ලි මේ අට්ටාලය මුහුදේ හැදුවේ දෙවැනි ලෝක යුද්ධ කාලේ එංගලන්තය ආරක්ෂා කරන්න. මේක ඇන්ටි එයාක්‍රාෆ්ට් ඩිෆෙන්සිව් ප්ලැට්ෆෝම් එකක්.

#මල්ලි - ඉතින් අයියා මේ අට්ටාලය උඩ කවුද රටක් හැදුවේ?
අයියා - දෙවැනි ලෝක යුද්දයෙන් පස්සේ, මේ අට්ටාලය ගත්තා පැඩි රෝයි බේට්ස් කියන කෙනා. අන්න එයා තමා මේ රට ඇති කලේ. නමුත් මේ රට ස්වාධින රාජ්‍යයක් ලෙස පිලිගන්නේ නැ. මේ අට්ටාලය මත සීලෑන්ඩ් කියන රට පිහිටුවාට පසු එංගලන්තය තුල මේ ගැන නඩුවක් පවා විභාග උනා. නඩු තින්දුව උනේ, මෙම අට්ටාලය පිහිටා තියෙන්නේ ජාත්‍යන්තර මුහුදේ නිසා එංගලන්ත අධිකරණය මගින් කිසිවක් කල නොහැකි බව.

#මල්ලි - සීලෑන්ඩ් වල ජනගහනය කොච්චර විතරද?
#අයියා - 27 දෙනෙක් වගේ.

# මල්ලි -  කොච්චර පමණ ලොකුයිද රට?
#අයියා -  වර්ග කිලෝමිටර් 0.004 ක්. නමුත් මේ බිම කිසිම වැඩක් නැ යකඩ ගොඩක් නිසා.

#මල්ලි - ඉතින් අයියා සීලෑන්ඩ් වලට ජාතික කොඩියක් එහෙම තියනවාද?
#අයියා - ඔව් මල්ලි. ජාතික කොඩියක් විතරක් නෙවෙයි, ජාතික ගීයක්, සීලෑන්ඩ් ඩොලර් කියලා මුදල් ඒකකයක් පවා තියනවා. පාස් පෝට් එකක් පවා තියනවා.

#මල්ලි - කවුද සීලෑන්ඩ් පාලනය කරන්නේ?
#අයියා - සීලෑන්ඩ් පාලනය කරන්නේ බේට්ස් පවුල විසින්. මෙයාලා තමන්ම රජවරුන් ලෙස ප්‍රකාශයට පත් කරගත්ත අය.

#මල්ලි - ඉතින් සීලෑන්ඩ් වල ආර්ථිකය කොහොමද?
#අයියා - විවිධ ව්‍යාපාර මගින් තමා සීලෑන්ඩ් වල ආදායම හොයාගන්නේ. වෙබ් හොස්ටින් එහෙම සරුවට කෙරෙනවා.



#මල්ලි - මේ රටේ ක්‍රිඩා තරග පැවැත්වෙනවාද?
#අයියා - ලොකු ක්‍රීඩා තරග නම් පවත්වන්න ඉඩ මදි නේ. ඉන්න පිරිසත් මදිනේ. නමුත් ක්‍රිඩා උත්සව කිහිපයක් තියනවා. ලෝක බිත්තර විසි කිරිමේ තරගාවලිය වගේ. smile emoticon . ඒ වගේම සීලෑන්ඩ් වල මිනි ගොල්ෆ්, පාපන්දු වගේ ජනප්‍රියයි. සීලෑන්ඩ් වල කදු නැති උනාට කදු නගින්න ආස අය බොහොමයි. අවුරුදු දෙකකට විතර කලින් සීලැන්ඩ් කොඩිය එවරස්ට් මුදුනේ ගැහුවා කෙන්ටන් කූල් විසින්.

ලගදිම තවත් කතාවක් එක්ක මුනගැසෙමු මිතුරනි.

මම රොෂින් ප්‍රනාන්දු.

2 comments: