Friday, May 13, 2016

Debug‬ හැදුන හැටි

‬විවිධ මුදුකාංග සමග වැඩ කරද්දි ඔයාලා නිතර දකින වදනක් තමා  කියන්නේ.
අද කතාව, #Debug කියන වදන වහරට ආපූ හැටි..



1940 දශකය කියන්නේ පරිගණක විද්‍යාවේ දණගාන අවධිය කිව්වොත් හරි. මේ කාලේ පරිගණක විද්‍යාඥයෝ හැමෝම උත්සහ කලේ නව තාලේ තාක්ෂණයන් ගැන අත්හදා බලන්න.

ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේත් හිටියා හෝවාර්ඩ් අයිකන් නම් විද්‍යාඥයා යටතේ නව අත්හදා බැලිම් කරන පිරිසක්. මේ පිරිස ‘‘හාවඩ් මාක් 2‘‘ කියන ප්‍රාථමික පරිගණය සම්බන්දව කටයුතු කරමින් සිටියේ.
1947 සැප්තැම්බරයේ දිනක එක් වරම ‘‘හාවඩ් මාක් 2‘‘ පරිගණකය ක්‍රියාවිරහිත වෙනවා. මේ පිලිබද සොයාබලන ග්‍රේස් හෝපර් නම් විද්‍යාඥවරිය සොයාගන්නවා, පරිගණකයේ රිලේ #70 යන කොටසේ සලබයෙක් සිරවි සිටින බව. මේ හේතුවෙන් පරිගණකය අක්‍රිය වී ඇති බව.

ඇය මෙම සලබයා පරිගණකයෙන් ඉවත් කර, ඇගේ ලොග් පොතේ අලවා, සලබයාට යටින් “ First actual case of bug being found” යනුවෙන් ලියා තබනවා. මෙම පාඨය මූලික කරගෙන තමයි, #Debug යන පදය පරිගණක විද්‍යාවට එක් වන්නේ.

හෝපර් මහත්මිය තවදුරටත් පරිගණකයට සලබයන් ඇතුල්වීම වැලැක්විමට යොදන උපාය තමයි, පරිගණක කාමරයේ ඇති සියලුම ජනේල වසා දැමීම. 


ඇය තම ජිවිත කාලය තුල කල සේවය අගයමින්, USS Hopper ලෙස ඇමරිකානු යුධ නෞකාවක් නම් කලා.
ඔන්න ඔහොමයි #Debug කියන වචනයේ උප්පත්තිය සිදු උනේ.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment