Monday, May 9, 2016

‎නගරවැසියන් සියල්ල එක ගොඩනැගිල්ලක‬ ‪ වෙසෙන ‎ඇලස්කවේ විටියාර්‬

යම් නගරයේ වෙසෙන සියලුම වැසියන් එක ගොඩනැගිල්ලක ජිවත් වන  බව ඇසුවොත් එය පුදුම දනවන සුලු කරුණකි. ඇමරිකාඑක්සත්  ජනපදයේ ඇලස්කාවේ විටියාර් නගරයේ නගර වැසියන් එසේය.



මනරම් කදු වලින් වටව ඇති විටියාර් නගරයේ ජනගහනය 220කි. සියලුම දෙනා ජිවත් වන්නේ Begich Tower යනුවෙන් හදුන්වන තට්ටු ගොඩනැගිල්ලකයි. ජිවත් වීම පමනක් නොව, පාසල්, පල්ලි, සුපිරි වෙලදසැල්, ගෘහස්ථ ක්‍රීඩාගාරය මෙන්ම තැපැල් කන්තෝරුව පවා පිහිටා ඇත්තේ මෙම ගොඩනැගිල්ල තුලමයි.

Begich Tower තුලම කාමර අංක 103ට යාබදව විටියාර් පොලිස් ස්ථානය පිහිටා ඇත. ගොඩනැගිල්ලේ බිම් මහලේ පල්ලිය පිහිටා ඇත.

පෙර සදහන් කල පරිදි කදු වලල්ලකින් වටව ඇති විටියාර් නගරයෙන් පිවිසිමට ඇත්තේ කදු හරහා දිවෙන එක් උමං මාර්ගයකි. මෙම මාර්ගයේ එක් වරකට එක් දිශාවකට පමනක් ධාවනට කල හැකි පටු මාර්ගයකි. රාත්‍රි කාලයට මෙම මාර්ගය වසා දමනු ලැබේ.

ඇලස්කා ප්‍රදේශයේ පිහිටිම නිසා සීත සෘතුව තදින් විටියාර් නගරයට දැනේ. එබැවින් සීත සෘතුවේ දි පරිභෝජනය සදහා අවැසි ආහාර තම නිවහන වන Begich Tower තුල පිහිටි ගෘහස්ථ කෘත්‍රිම ගෙවතු තුල වගාකරගැනිමට නගරවැසියන් පෙලබී ඇත.


සාමාන්‍යෙයන් නගරයක ඇති තදබදය,අධික දුම හෝ ශබ්ද විටෙයාර් තුල නැත. පිටත ලෝකයෙන් හුදෙකලාව විටියාර් වැසියන්, තම නගරය තමන්ට රිසිසේ සකසා ඇත.
- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment