Saturday, May 28, 2016

‪විදුලියෙන්ම ජලය පුරවා විදුලිය හදන බලාගාර‬


විදුලියෙන්ම ජලාශයට ජලය පුරවා,එම ජලයෙන් ජල විදුලිය උත්පාදනය කරන තාක්ෂණයක් පවති. මෙය Pumped-storage hydroelectricity (PSH) ලෙස හදුන්වයි.මෙම ජලාශ වලට ජලය පිරවීමට, විටෙක මෙම බලාගාර වලින් උත්පාදනය කරන විදුලියට වඩා වැඩි විදුලියක් වැය වේ.


+ හදන විදුලියට වඩා වැඩි විදුලියක් පරිභෝජනය කරනවානම් මොකක්ද මෙම බලාගාර වල ඇති ඵලය?
- මෙහෙමයි. විදුලි ඉල්ලුම වැඩි වශයෙන් පවතින වෙලාවලදි, ගල්අගුරු, ඩිසල් බලාගාර මගින් විදුලි උත්පාදනය කිරිම පාඩු දායකයි. ඒ වෙලාවට PSH බලාගාර බාවිතා කරලා ලාබදායි ජලවිදුලිය නිපදවලා විදුලි පද්ධතියට එක් කරනවා. 
ඒ වගේම විදුලි ඉල්ලුම අඩු(ඔෆ් පික් ඩිමාන්ඩ්) අවස්ථාවලදි විදුලි ඉල්ලුම අඩු නිසා, සුලං ටර්බයින, සූර්ය පැනල වලින් සාදන විදුලියේ අතිරික්තයක් එනවා. අන්න ඒ අතිරික්තයක් ආපු වෙලාවට ඒ විදුලිය භාවිතා කරලා PSH බලාගාර වල ජලාශ වලට ජලය පොම්ප කරනවා. ඇත්තටම බැලුවොත් මේක විදුලි කලමනාකරන උපායමාර්ගයක්. ඒ වගේම ලාබදායක ක්‍රමයක්.

+ PSH මුලින්ම භාවිතා උනේ කොහේද?
- පලමුව භාවිතා වෙන්නේ ඉතාලිය හා ස්විස්ටර්ලන්තය වැනි රටවල. දැන් නම් ලොව පුරාම පැතිරිලා තියනවා.

+ පොම්ප කරලා ජලාශ පුරවන නිසා, මුහුදු ජලය උනාත් යොදාගන්න ජල විදුලිය නිපදවන්න මේ ක්‍රමයෙන් පුලුවන් නේද?
- ඔව්. මුහුදු ජලය යොදාගන්නා පලමු PSH බලාගාරය සැදුවේ ජපානයේ ඔකිනාවා වල යන්බාරූ බලාගාරයේ. එයින් දැනට 30 MW ක විදුලියක් ජනනය කරනවා.
  



දැන් දැන් පරික්ෂණ කරනවා උදම් රල යොදාගන්න. වඩදිය අවස්ථාවේදි ජලය ගබඩා කරගෙන, බාදිය අවස්ථාවේ ජලය නිදහස් කරලා විදුලිය නිපදවන්න. මෙහි වාසිය තමයි පොම්ප කරන්න යන විදුලියත් ඉතිරිකරගන්න පුලුවන්. ප්‍රංශයේ මෙවැනි බලාගාර තියනවා.

-රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment