Wednesday, May 25, 2016

රජ මගුලෙන් ලොවට පැමිණි මාරි බිස්කට්

අද කියන්න යන්නේ හැමෝම ආසාවෙන් කන කෑමක් ගැන. මාරි බ්ස්කට් කතන්දරේ. බිස්කට් කෑවට මේ කතාව ගොඩක් අය දන්නෑනේ.





 ක්‍රි.ව 1874 දී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙනවා වැදගත් විවාහ මංගල්‍යයක්. මේ විවහා මංගල්‍යය පවත්වන්නේ  රුසියාවේ මරියා ඇලෙක්සැන්ඩ්‍රනෝවා ආදිපාදවරිය හා බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ හී ආදිපාදවරයා අතිනත ගැනීම වෙනුවෙන්. මේ  රාජකීය විවාහා මංගල්‍ය වෙනුවෙන් එවකට ලංඩන් නුවර Peek Frean බිස්කට් බේකරි ආයතන විසින් බිස්කට් එකක් හදනවා. ඕං ඕක තමා මාරි බිස්කට් එක. ඒ කාලයේම ස්පාඤ්ඤය තුල පැවැති සිවිල් යුද්දය නිසා ආහාර හිගයක් තිබ්බා. අන්න ඒ ආහාර හිගය නිසා මිනිසුන් අතර මාරි බිස්කට් වේගයෙන් ප්‍රචලිත උනා..පසුව මාරි බිස්කට් උන්මාදය යුරෝපය හා ආසියාව දක්වා ව්‍යාප්ත උනා. මාරි බිස්කට් ව්‍යාප්ත වෙන්න තවත් හේතුවක් ලෙස එය තේ සමග පොගවා කෑමට හැකි වීමත් හේතු උනා. එකල එය සමාජයට අලුත් අත්දැකීමක් නේ. අනික බිස්කට් පුඩින් හදන්නත් පුලුවන්. 

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ හී ආදිපාදවරයා




මරියා ඇලෙක්සැන්ඩ්‍රනෝවා ආදිපාදවරිය

මාරි බිස්කට් වල අන්තර්ගත වන්නේ තිරිගු පිටි,සීනි,එලවලු තෙල් හා වැනිලා රසකාරකයි.

වර්ථමානයේ Peek Frean කියන වෙලද නාමය නැ. එය අයිති යුනයිටඩ් බිස්කට් ආයතනයට. ලොව පුරා රටවල් වල මාරි බිස්කට්  එක එක සමාගම් නිපදවනවා. 
ලංකාවේ මාරි බිස්කට් ගැන කතා කරද්දි මැලිබන් නිර්මාතෘ හින්නිඅප්පුහාමි මහතා සිහිපත් කල යුතුමයි

-රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment