Saturday, May 14, 2016

විනාශ කලත් ඉතිහාසයෙන් මැකිය නොහැකි පැල්මයිරාව


පසුගිය දවසක සිරියාවේ පැල්මයිරා නගරය isis ත්‍රස්තයන් විසින් විනාශ කලා. සමහර යාලුවන්ට පැල්මයිරාව නුපුරුදු වෙන්න පුලුවන්. නමුත් පැල්මයිරාව ලෝක ඉතිහාසයේ තැබු සටහන් නම් අමරණියයි. නමුත් එය වටිනාකම නොදත් පිරිසක් අතින් විනාශ වීම නම් දුකක්.


පැල්මයිරා නගරය පිහිටා තියෙන්නේ සිරියානු කාන්තාරය මැද. කාන්තාරයක් මැද තියන ක්ෂේම භුමියක් කිව්වොත් නිවැරදියි. එබැවින් අතරමැදි ගිමන් හලක් බවට පැල්මයිරාව පත්වුනා. රෝම අධිරාජ්‍යයට අයත් කොටසක් ලෙස තමයි පැල්මයිරාව ඔඩානතස් කියන ප්‍රදේශිය පාලකයෙක් යටතේ පාලනය වුනා. රෝමයට එතරම් බියක් තිබ්බේ නැ මේ ප්‍රදේශ වලින් කැරැලි ඇතිවෙයි කියලා. ඒකට හේතුව ටිකක් දිග නිසා වෙන ලිපියකින් කියන්නම්.

ඔඩානතස් රජු තම දෙවැනි විවාහයේ යුවතිය කරගන්නේ සෙනොබියා නම් ලාබාල කාන්තාවක්. මෙම විවාහයෙන් ඔවුන්ට පුත්‍රයෙක් ලැබෙනවා. විවාහයෙන් ටික කලකට පසු ඔඩානතස් රජුත් හා රජුගේ පලමු විවාහයේ ඔටුන්න හිමි කුමරාත් මිය යනවා. ඉතිහාසයේ සමහර තැන් වල මෙම දෙපලගේ මරණ මිනිමැරුමක් බවත් සදහන් වෙනවා. කෙසේ වෙතත් ඔඩානතස් රජුගේ අභාවයෙන් පසු දෙවැනි විවාහයේ පුත්‍රයාත් ලාබාල නිසා සෙනෝබියා භාරකාර රැජින බවට පත්වෙනවා.

මේ අතර කාලයේ රෝමය ගෝල් දේශය එක්ක යුද්දෙකට පැටලෙනවා. තමන්ට නිදහස් වෙන්න තියන වෙලාව මේක කියලා හිතපු සෙනෝබියා රැජින තම නිදහස් සටන අරබනවා. තම කලාපයේ සිටින රෝමානු හමුදා වලට එරෙහිව ඇය සටන් කරනවා. ඇය විසින් ඊජිප්තුව ආක්‍රමණය කර රෝම පාලකයා මරා දමනවා. එමෙන්ම තුර්කියේ විශාල ප්‍රදේශයක තම බලය තහවුරු කරගන්නවා. ඇය පැල්මයිරා අධිරාජ්‍ය හදන්නේ මෙන්න මෙහෙමයි. සෙනෝබියා රැජින, තම හමුදාවන් සමග යුධ පෙරමුණට නොබියව ගිය බවත් සදහන් වෙනවා.






නැගෙනහිර තත්ත්වය දරුණු වනු දුටු රෝමන් හමුදා නැවත පැල්මයිරාවට පැමින උපක්‍රමශිලිව, වසර තුනක් පැවැති පැල්මයිරා අධිරාජ්‍ය බිද දමා සෙනෝබියා රැජින සිරබාරයට ගන්නවා. සෙනෝබියා රැජින වද දෙමින් මාර්ග වල ඇදගෙන ගිය බව වාර්තා වුනත්, ඇගේ මරණය ගැන තියන තොරතුරු විවාදාත්මකයි. ඇගේ රෑමත් බව නිසා ඇගේ දිවි ගැලවුනු බව විටෙක සදහන් වෙනවා.

රෝමන් බලය පරදා ගොඩනැගුනු පැල්මයිරා අධිරාජ්‍යය අද වන විට ඉතිහාසය නොදත් පිරිසක් අතින් විනාශ වි අවසන්.

-රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment