Tuesday, May 24, 2016

ලොව පලමු ජිව අවි ප්‍රහාරයද මේ?


14 වැනි සියවසේ යුරෝපයම වෙලාගත් බ්ලැක් ඩෙත් නමින් හදුවන්වන මහාමාරිය වසංගතය යුරෝපය පුරා පැතිරිමට එක් හේතුවක් වූයේ, මොංගල් ආක්‍රමණිකයින් ජිව අවියක් ලෙස මහමාරිය භාවිතා කිරිම බව, පොත පතෙහි සදහන් වේ. මෙය තරමක් විවාදාත්මක කරුණක් වේ. සංවාදයට විවෘත කරමින්, ජිව අවි ප්‍රහාරය ගැනයි අද කතාව.


14 වන සියවසේ බ්ලැක් ඩෙත් වසංගතය නිසා මිලියන ගනණක් පිරිස මියගොස් තියනවා. වසංගතය කොපමණ දරුණුවට පැතිරුනාද කියනවානම්, ආහාර නිෂ්පාදනය ඇනහිටිමෙන් යුරෝපයේ සමහර රජ පවුල් වල සාමාජිකයෝ පවා නිරාහාරව මිය ගොස් තියනවා. බ්ලැක් ඩෙත් යුරෝපයට ආවේ සේද මාවත හරහා පැමිණි වෙලන්දන් සමග ආ මීයන්ගෙන් කියලා මතයක් පවතිනවා. අනෙක් මතය තමයි මොංගල් ආක්‍රමණය.

1345 කාලේ වගේ ජෙනිබෙග් ඛාන් මොංගල් අධිරාජ්‍යයා යටතේ මොංගල් හමුදා විසින් ක්‍රිමියානු අර්ධද්වීපය ආක්‍රමණය කලා. මෙම ආක්‍රමණ අතරතුරදි මොංගල් හමුදාවේ සොල්දාදුවන්ට මහාමාරිය වැලදිලා තියනවා. නමුත් මොංගල්වරුන්ගේ ප්‍රතිශක්තිය හොද නිසා එතරම් බලපෑමක් වෙලා නැ. නමුත් මොංගල් හමුදාව විසින් ක්‍රිමියාවේ කාෆා නගරය ආක්‍රමණය කල අවස්ථාවේදි මහාමාරියෙන් මිය ගිය තම සොල්දාදුවන්ගේ මල සිරුරු කැටපෝල භාවිතයෙන් නගරය තුලට විසි කරලා තියනවා. මේ හේතුවෙන් කාෆා තුල විතරක් නෙවෙයි මුළු ක්‍රිමියානු අර්ධද්වීපය තුලම රෝගය පැතිරි තියනවා.


ක්‍රිමියා අර්ධද්වීපය කියන්නේ එකල වෙලද මධ්‍යස්ථානයක්. ක්‍රිමියාවේ සිටි ඉතාලි වෙලදුන් රෝගයට බියෙන් කලු මුහුද හරහා නැවත සිය රටවල් බලා පලාගොස් තියනවා. නමුත් එම වෙලදුන්ගෙන් සමහරක් රෝගය වැලදීමෙන් නෞකා තුලම මියගොස් තියෙනවා. මෙසේ මල සිරුරු සහිත නෞකා යුරෝපයේ විවිධ වෙරලවල් වල ගොඩගසා තිබෙනවා. මෙන්න මේ සිදුවීම් බ්ලැක් ඩෙත් පැතිරීමට හේතු වුනා කියලා තමා සදහන් වෙන්නේ.

මොංගල් ආක්‍රමණිකයින් විසින් සිදුකරන්නට යෙදුනු මහාමාරිය ප්‍රහාර ගැන විවිධ මතවාද පැවතියත්, බ්ලැක් ඩෙත් වසංගතය හේතුවෙන් යුරෝපය පුරා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රබෝදයක් ඇතිවී තියෙනවා. එතෙක් දෙවියන් යදිමින් ප්‍රතිකාර ඉල්ලු යුරෝපානුවන් වෛද්‍ය විද්‍යාව විශ්වාස කරන්නට යොමුවීමට, බ්ලැක් ඩෙත් වසංගතය හේතු වෙලා තියනවා.

පලි.
දෙවැනි ලෝක යුධ සමයේ ජපානය විසින් චීනයට එරෙහිව මහාමාරිය ජිව අවියක් ලෙස යොදාගෙන තිබෙනවා කියලාත් සදහන් වෙනවා.

- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment