Monday, May 9, 2016

‪ඇයි කී බෝඩ් එකේ අකුරු පිලිවෙල වෙනස්‬

පරිගණක යතුරු පුවරුවේ හෝ යතුරු ලියනවල යතුරු පුවරුවේ හෝ යතුරු තියෙන්නේ ඉංග්‍රිසි අකාරාදි පිලිවෙලට නෙවෙයි, අකුරු මිශ්‍ර වෙලා කියලා ඔයාලා දැකලා ඇති. ඇයි මෙහෙම තියෙන්නේ? අද කතාව මේ ගැනයි.




මුලින්ම හදපු යතුරු ලියන යන්ත්‍ර වල යතුරු තිබ්බේ ඉංග්‍රිසි අකුරු පිලිවෙලට තමයි. නමුත් ඒ තිබ්බ පිලිවෙල නිසා යන්ත්‍රය ගොඩක් සංකීර්ණ වීම වගේම භාවිතා කරන්නත් අපහසු උනා. නිතර වචන පැටලීම් සිදුවෙච්ච නිසා මුල් කාලින යතුරු ලියන යන්ත්‍ර භාවිතයෙන් ඈත් වෙන්න හේතු වුනා.

මූලික ගැටලු නිරාකරණය කරමින් QWERTY යන යතුරු පුවරුව හදුන්වාදුන්නේ රෙමින්ටන් 1 යතුරු ලියනය මගින්. පලමු සාර්ථක වාණිජමය යතුරු ලියන යන්ත්‍රය ලෙස සැලකෙන්නේද රෙමින්ටන් 1 යන්ත්‍රයයි. එහි යතුරු පුවරුව සැලසුම් කලේ ක්‍රිස්ටෝපල් ලේතම් විසිනුයි.
QWERTY යතුරු පුවරුව එනමින් නම් කරන ලද්දේ යතුරු පුවරුවේ ඇති මුල් යතුරු 6 ඇසුරෙනුයි. මෙම යතුරු පුවරුවේ අකුරු සැකැස්මේ මූලික පදනම වී ඇත්තේ, නිතර භාවිතා වන අකුරු, එබිමේ පහසුව තකා ඇගිලි ආසන්නයට ගෙන ඒමයි.
ජනයා අතර QWERTY යතුරු පුවරුව ජනප්‍රිය වුවත්, මෙහිද යම් යම් අඩුපාඩු පවති. QWERTY යතුරු පුවරුවට වඩා අඩු දුරක් ඇගිලි හසුරුවා වේගයෙන් යතුරු ලිවිය හැකි Dvorak නම් යතුරු පුවරුවක් පසුකාලිනව හදුන්වා දෙන ලදි.

නමුත් දීර්ඝ කාලින භාවිතය හා හුරුව නිසා QWERTY බොහෝ රටවල සම්මත යතුරු පුවරුව ලෙස භාවිතා කරයි.නම් යතුරු පුවරුවක් පසුකාලිනව හදුන්වා දෙන ලදි. නමුත් දීර්ඝ කාලින භාවිතය හා හුරුව නිසා QWERTY බොහෝ රටවල සම්මත යතුරු පුවරුව ලෙස භාවිතා කරයි.



- Roshin Charutha Fernando

No comments:

Post a Comment