Friday, May 27, 2016

බ්ලූටූත් වලට නම වැටුන හැටි


ඔයාලා නිතර භාවිතා කරන රැහැන් රහිත සන්නිවේදන ක්‍රමයක් වන Bluetooth තාක්ෂණයට නම වැටුනේ ඇත්තටම ‘‘නිල් දත්‘‘ ටිකක් නිසා කියලා ඇහුවොත් ඔයාලා පුදුම වෙන්නත් පුලුවන්. ‘‘බ්ලූටුත්‘‘ නම වැටුන හැටි ගැනයි අද කතාව....



10 වැනි සියවසේ මැද භාලයේ සිට ඩෙන්මාකය පාලනය කලේ හැරල්ඩ් ගෝම්සන් රජුයි. මෙතුමාව ‘‘හැරල්ඩ් බ්ලූටුත්‘‘ ලෙසත් හදුන්වනවා.

මෙතුමාව බ්ලූටූත් යනුවෙන් හදුන්වන්නට හේතුව ලෙස එක් ප්‍රවාද කතාවක සදහන් වන්නේ, කුඩා කල සිටම බ්ලූබෙරි පලතුර දිර්ඝ ලෙස ආහාරයට ගැනිම නිසා මෙතුමාගේ දත්, නිල් පැහැයට හුරු කහටකින් වැසී තිබීම බවයි.

හැරල්ඩ් රජු විසින් සියවසේ අග භාගය වන විට තම බලය නෝර්වේ දක්වා පතුරවනවා. හැරල්ඩ්, රාජ්‍ය පාලනයෙහි දක්ෂ රජෙක්. 

ඔහු ඩෙන්මාකය පාලනය කරන සමයේ එහි සිටි එකිනෙකට කිසිත් නොගැලපෙන ගෝත්‍ර උපායමාර්ගිකව එක්සත් කර පාලනය කිරිම ඔහු සමත් වූවා. එමෙන්ම ඔහුගේ රාජ්‍ය පාලනය තුලදි, බෙදි පැවැති තම රටේම ප්‍රදේශ එකිනෙක බද්ධ කර පාලනය කරන්නට සමත් වුවා.

බ්ලූටූත් තාක්ෂණ සංකල්පයේදිද රැහැන් රහිතව සම්බන්ද කල නොහැකි උපාංග සම්බන්ධ කරනුයේ, හැරල්ඩ් රජු විසින් නොගැලපෙන ගෝත්‍ර එක්සත් කල ආකාරය මෙනි. මෙම ඉතිහාස කතාව ඇසුරින් ‘‘ජිම් කාඩැච්‘‘ මහතා විසින් බ්ලූටුත් ලෙස මෙම තාක්ෂණය නම් තැබීමට යෝජනා ලදි.



බ්ලූටූත් වලදි භාවිතා කරන සංකේතය(logo) නිර්මාණය කරන ලද්දේද පුරාණ සෙල්ලිපි වල සදහන් හැරල්ඩ් රජුගේ නමේ මුලකුරු වන (ᚼ),(ᛒ) යන අක්ෂර ඇසුරිනි.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment