Thursday, March 30, 2017

ඇස නොගැටෙන, වැඩකිඩ ඇති වෙබ් අඩවි

අන්තර්ජාලයේ කොච්චර නම් වෙබ් අඩවි තියනවාද?  
කොච්චර වෙබ් අඩවි තිබුනත් අපි භාවිතා කරන්නේ කොච්චර පොඩ්ඩක්ද?
අන්තර්ජාලයේ ඇති වැඩක් ගන්න පුලුවන් නමුත් වැඩිය සද්ද බද්ද නැති වෙබ් අඩවි ටිකක් ගැන කතා කරන්නට හිතුවා.





www.fakenamegenerator.com



අන්තර්ජාලයේ සැරිසරන ඔබට, විවිධ අවස්ථාවල විවිධ වර්ගයේ පොරම පුරවන්නට සිදුවෙන්න පුලුවන්. නමුත් පෞද්ගලිකත්ව හා ආරක්ෂාව හේතුවෙන් ඔබ සත්‍ය තොරතුරු දෙන්න අකමැති වෙන්න පුලුවන්. වැනි අවස්ථාවල භාවිතා කල හැකි විශේෂ වෙබ් අඩවියක් තමයි මේ. fakenamegenerator මගින් වයස,උපන්දිනය, බර, උස වගේම බැංකු ගිනුම් තත්ත්ව පවා සකස් කර දෙනවා. ඔබට අලුත්ම අන්‍යතාවක් ලබා දෙන්නට මෙම වෙබ් අඩවිය සමත්.





Facebook,Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි කරදරයක්ද? එපා වෙලාද? වහලා දාන්න ඕනාද?  ඔබට අනවශ්‍යයයි කියලා හිතෙන සමාජ ජාල ගිනුම් ඉවත්කරන අවැසි මග පෙන්විම කරන්නට accountkiller සුදානම්. accountkiller තුල බොහෝමයක් වෙබ් ගිනුම් ඉවත් කරන මග සදහන්.


www.oldversion.com

  

පරිගණක මෘදුකාංග  දිනෙන් දින යාවත්කාලින වෙනවා. සමහර මුදුකාංග වල නව යාවත්කාලින කිරිම්(Updates) වල යම් යම් ගැටලු තියෙනවා.ඒ වෙලාවට හිතෙනවා නේද පරණ විදිහටම තිබ්බානම් කොච්චර හොදද කියලා.
ඔන්න ඒවගේ වෙලාවට oldversion සහයට ඉන්නවා. මේ වෙබ් අඩවිය තුල ඔයාලා ආස මෘදුකාංග මුල් ස්වරුප වලින් ලබාගන්නට පුලුවන්.

alison.com



අන්තර්ජාලය තුල තියන විදයුත් විශ්වවිද්‍යාලයක් තමයි ඇලිසන් කියන්නේ.2007 වසරේදි ආරම්බ කල ඇලිසන් ආයතනය මගින් ඔබට පාඨමාලා රාශියක් දුරස්ථව අධ්‍යනය කරන්නට අවකාශය ලබා දෙනවා. පාඨමාලා අවසන ඔබට විශේෂ කේතයක් සහිත වටිනා ඩිප්ලෝමා සහතිකයකුත් ලබාදෙනවා. මෙය ලොව ප්‍රමුඛ පෙලේ ආයතන විශාල ගනනාවකින් පිලිඅරගෙන තියන ආයතනක්. අන්තර්ජාලය තුල නිකරුනේ ගතකරන කාලය මේ වගේ දෙයකට යොදාගෙන ජිවිතයට යමක් ලබාගන්නට ඔබටත් අවකාශය තියෙනවා.

youtube.com/tv



ඔබ ඕනානම් youtube එකට ගිහින් ඇති. නමුත් ඔයාලා youtube.com/tv වෙත පිවිසිලා තියනවාද? පිවිසිලා නැතිනම් ගිහින් බලන්න. සාමාන්‍යෙයන් youtube එකේ විඩියෝ එකක් බලන්න ගියාම, කමෙන්ට් ලයික් හා සජෙෂන්ස් ඔක්කෝම වටේට පෙන්වනවා. නමුත් youtube.com/tv අතුරු අඩවියට පිවිසුනාම ඔබට තේරේවි ඔබ රූපවාහිනිය බලන්න ආවා වගේ. මේකත් වෙනදා youtube විඩියෝ බලනවා වගේද කියලා ඔයාලාත් ගිහින්ම බලන්නකෝ. ඔයාලාට වෙනදාට වඩා පහසුවක් දැනෙනවා සුවර්.


10minutemail.com





තාවකාලික විද්‍යුත් ලිපිනයක් ඕනාද? 10minutemail අඩවිය මගින් විනාඩි 10 ක් බලපැවැත්වෙන විද්‍යුත් ලිපිනයක් ලබාදෙනවා.


www.flightradar24.com





අහසේ කොච්චර නම් ගුවන්යානා යනවාද? ආසද ගුවන් කුරුල්ලෝ හබායන්නට?
flightradar24  මගින් ඔබට ගුවන් කුරුල්ලන් හබායන්නට අවස්ථාව ලබාදෙනවා. ගුවනේ ඇති ගුවන්යානාවක වර්ගය,පථය, ගමනාන්තය වැනි තොරතුරු විශාල සංඛ්‍යාවක් මෙමගින් සපයනවා. ඔබේ හිතවතෙකු ගමන්කරන ගුවන්යානාවක් හබායන්න උනත් ඔයාලාට මෙමගින් අවස්ථාව තිබෙනවා.   
උත්සහ කරලා බලන්න.  අලුත් අත්දැකිමක් වේවි. 
  




2 comments: