Friday, March 17, 2017

ඡායාරුවක සැගවුනු කතා (i​i)

නැවතත් වරක් ඡායාරුප වල  සැගවුනු කතා සොයාගෙන යන ලිපියක් දිගහරින්නටයි සූදානම. ලෝක අවධානය යෙමු වූ සංවේදි ඡායාරුප  ගැන මේ ලිපියේදිත් කතා කරමු.





  • Kent State shootings or May 4 massacre


ජෝන් ෆිලෝ ගේ කැමරා කාචයේ මෙම සිද්ධිය සටහන් වන්නේ, ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ 1970 මැයි 04 වැනි දින සිදුවු උද්ගෝෂණයකදියි. වියට්නාම යුද්ධයට එදිරිව උද්ගෝෂණයේ යෙදුනු පිරිසකට එල්ලවන වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය යනවා. මෙහි බිම වැටි සිටින පුද්ගලයා  ජෙෆරි මිලර් බව හදුනාගෙන තිබෙනවා. මෙම සිදුවිම ඇමරිකාව තුල දැඩි ආන්දෝලනයක් ඇති කලා.


  • Thammasat University massacre



1976 වසරේ තායිලන්තයේ Thammasat  විශ්ව විද්‍යාලය හා  ආශ්‍රිත ප්‍රදේශයේ වූ ගැටුමකදි ගත් ඡායාරුපයක් තමයි මේ.  සිත සලිත වන ඡායාරුපයක්. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සංවිධානය කල උද්ගෝෂණය පහරදෙන රජයේ හමුදාව හා තවත් සන්නද්ද  පිරිසක් සිසුන්ව දැඩිව මර්ධනය කරනු ලබනවා. සැලකිය යුතු තරම් සිසුන් පිරිසක් මිය යනවා. කොතරම් මිලේඡ්ඡ ප්‍රහාරයක්ද එල්ල කරලා තියෙන්නේ කියලා මේ පුටු ප්‍රහාරයෙන්ම පැහැදිලි නේ.  

    
  •  Bush receives first word





ලොවම ත්‍රස්ත භීතියෙන් ඇළලි ගිය සැප්තැම්බර් 11 ලෝක වෙලද මධ්‍යස්ථාන ප්‍රහාරය පිලිබදව එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතා පලමුවර දැනුවත් කරන අවස්ථාව තමයි මේ. ඒ වනවිට ජනාධිපතිවරයා ෆ්ලොරිඩාවේ බුකර් මූලික පාසලේ වැඩසටහනකට සහභාගි වි සිටියා.

එම අවස්ථාවේ  සිදුවු සිද්ධින් පහත විඩියෝවෙන්.




  • Earthrise


Apollo 8  මෙහෙයුමෙන් සද මතට ගිය විලියම් ඇන්ඩර්ස් මහතා විසින් සදට පෘතුවිය පායන අයුරු දැක්වෙන ඡායාරුපය.

  • shoots Lee Harvey Oswald


අැමරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා ඝාතනය කල  බවට චෝදනා ලත් ලී-හාවි ඔස්වල්ඩ් හට ජැක් රුබි නැමැත්තා විසින් වෙඩි තබන අවස්ථාවේ ගත් ඡායාරුවකි. මෙම ප්‍රහාරයෙන් ලී හාවි ජිවිතක්ෂයට පත්වන අතර, ඔහුගේ මරණයත් සමග කෙනඩි ඝාතනය පිලිබදව තොරතුර බොහෝමයක් යටපත් විය. ලී-හාවි,කෙනඩි ඝාතනයට සම්බන්ද අයකු නොවන බවටද මතයක් පවති. අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔහු විසින් සිදුකරන්නට යෙදුන ප්‍රකාශ අනුවද කෙනඩි ඝාතනය ඔහු වෙත බලෙන් පැටවූ චෝදනාවක් යන සැකය මතුවේ.   

වෙඩි ප්‍රහාරය වන  අවස්ථාවේ විඩියෝ සටහන්.




 
නැවත ලිපියකින් හමුවෙමු.

සබැදි පෙර ලිපි




1 comment:

  1. අර උඩම තියෙන පින්තූරෙට පුලිට්සර් සම්මානයකුත් හම්බෙලා තියෙනවා... හැබැයි ඒ පින්තූරෙට පොඩි එඩිටිං පාරක් දාලයි තිබිලා තියෙන්නේ... ඒ ඔතන වැට අයින් කරලා...

    ReplyDelete