Friday, July 22, 2016

වින්ඩෝස් 10 අනවශ්‍ය ලෙස පරිශිලක දත්ත රැස්කරන බවට චෝදනා

මයික්‍රෝෙසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය මගින් අධික ලෙස පරිශිලක තොරතුරු රැස්කරන බව, ප්‍රංශ තොරතුරු අධිකාරිය වෙත පැමිණිලි ලැබි ඇත.






මෙසේ අනවශ්‍ය ලෙස පරිශිලක තොරතුරු රැස්කිරිම මගින් ප්‍රංශ දත්ත සුරැකිමේ පනත උල්ලංඝනය වන බව ප්‍රංශයේ දත්ත සුරැකිමේ කොමිසම පවසයි.



වින්ඩෝස් 10 මත මුදුකාංග ස්ථාපනයේදි අනවශ්‍ය ලෙස දත්ත රැස්කරන බව පවසන කොමිසම, මෙම දත්ත අදාල මුදුකාංගය ස්ථාපනය කිරිමෙහි ලා වැදගත් නොවන බවත් පවසා සිටියි.

මේ ගැන  ලැබි ඇති පැමිණිලි ප්‍රකාරව පරික්ෂන අරබා ඇති බවත් කොමිසම පවසයි.

ඒ අනුව කොමිසම විසින් මයික්‍රෝසොෆ්ට්  ආයතනය වෙත මාස 3ක පමණ කාලයක් ලබාදි ඇත්තේ පනතට අනුකුල වන ලෙස වෙනස්කරම් සිදුකරන ලෙස දන්වමිනි.

මේ ගැන ධනාත්මක ප්‍රතිචාර  මයික්‍රෝසොෆ්ට්   සමාගම මගින් පලකර ඇත.

- රොෂින් ප්‍රනාන්දු 

No comments:

Post a Comment