Thursday, July 21, 2016

ඇයි සපත්තු විකුනද්දි සත 99ක් පෙන්වලා තියෙන්නේ??

ඔයාලා සපත්තු මිලදි ගන්න ගියාම බොහෝවිට දැකලා ඇති, සපත්තුවේ මිල දක්වද්දි සත 99ක් දක්වා සටහන් කරලා තියනවා කියලා. උදාහරණයක් ලෙස රු.2549.99ක් වගේ. ඇයි මේ සත 99ක් මෙලෙස සටහන් කරන්නේ? 


එයාලාට තිබ්බානේ කෙලින්ම රු.2550.00 කියලාම කියන්න කියලා ඔයාලාට හිතිලා ඇති. 
අද ලිපිය ඒ ගැනයි.




ලංකාවේ සපත්තු වෙලදාමේදි මෙය බහුලව භාවිතා වුනාට ලොව පුරා විවිධ භාන්ඩ හා සේවා අලෙවියේදි මෙය භාවිතා කරනවා. මෙසේ අවසානයට සත 99ක් දැක්විම ව්‍යාපාරික උපායමාර්ගයක්. ඇත්තටම මෙය පැහැදිලි කිරිමේදි සිද්ධාන්ත කිහිපයක් ඇසුරුකරගන්න වෙනවා.




අපි හිතමු, යම් භාණ්ඩයක මිල රු.29.99ක් කියලා. සාමාන්‍යෙයන් අපේ  වැඩි අවධානය යොමුවන්නේ  මුල් අංක 2කියලා පරික්ෂණ මගින් සොයාගෙන තියනවා ඒ අනුව එක්වරම  හිතෙන්නේ මේ භාන්ඩයේ මිල රු.20 වගේ කියලා.  ඉන්පසුවයි අපි එය වටයන්නේ. නමුත් සත්‍ය ලෙස වටයා බැලුවාම මිල රු. 30ක් වෙනවා. නමුත් අපිට දැක්ක ගමන් හිතුනේ 20 ක් 29ක්  වෙන්න ඇති කියලා නේ.

එහෙන්ම බොහෝ පරිභෝගිකයන් විසින් සත ලෙස සදහන් ගනන නොසලකා හරින බව සොයාගෙන තියනවා. ඒ නිසා ඔවුන් බොහෝවිට තම අවධානය දෙන්නේ මුල් ඉලක්කම් වලට පමණයි. ඒ නිසා ඔවුන් සත 99 නොසලකා හරිනවා. නමුත් භාණ්ඩය මිලදි ගැනිමේදි එය ගෙවිමට සිදුවෙනවා.

මෙතැනදි පාරිභෝගිකයාට තිරණයක් ගත නොහැකි අඩමාන තත්ත්වයකට පත් වෙනවා. නමුත් ඔබට එය නොදැනෙන්න පුලුවන්. මේක සිදුවන්නේ මොලය තුලයි. ඒ වාසිය අන්තිමට ලැබෙන්නේ වෙලෙන්දාටයි.

2003 වසරේදි පරික්ෂකයන් පිරිසක් විසින් ඩොලර් 34 වටිනා ගවුමක් ස්ථාන දෙකකදි ඩොලර් 34 මිලටම හා ඩොලර් 33.99 මිලට අලෙවි කර දත්ත රැස් කලා.  මෙවැනි පරික්ෂණ කිහිපයකින් පසුව ඔවුන් නිගමනයට එලැබියේ සත99න් අවසන් වන භාන්ඩ විකිනිම සාපෙක්ෂව වැඩි බවයි.

එමෙන්ම ඔවුන් විසින් සොයාගත්තා, භාන්ඩයේ මිල වැඩි කලද වැඩිකල මිල අවසන් වන්නේ 9යේ ඉලක්කමෙන් නම් එහි අලෙවියද සාපෙක්ෂව වැඩි බව. 


-රොෂින් ප්‍රනාන්දු




No comments:

Post a Comment