Tuesday, July 26, 2016

තම රටේ නම සදහන් නැති මුද්දර

සැම රටක්ම තම රටේ තියන මුද්දර වල නම සදහන් කරනවා. නමුත් එක රටක් තියනවා ඒ රටේ මුද්දර වල නම සදහන් කරන්නේ නැ. ඒ රට හා එයට හේතුව ගැන තොරතුරු බෙදාගන්න හිතුවා.





බ්‍රිතාන්‍යය විසින් තම රටේ නිකුත් කරන මුද්දර වල රටේ නම සදහන් නොකරයි.

මුල් කාලේදි තැපැල් සේවය අද වගේ නෙවෙයි. හරිම සංකිර්ණයි. ලිපි ලබන්නායි එයට ගෙවිම් කල යුත්තේ.  ක්‍රි.ව 1837 පමණ වන විට බ්‍රිතාන්‍ය තැපැල් සේවයේ තිබුනු ආරවුල් විසදන්න රෝලන්ඩ් හිල් විසින් ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකරනවා. ඒ යටතේ තමයි තැපැල් මුද්දරය හදුන්වා දෙන්නේ.

රෝලන්ඩ් හිල් මහතා


ලොව පලමු තැපැල් මුද්දරය හදුන්වා දීම සිදුවන්නේ 1840 වසරේ මැයි 01 වැනි දිනයේදියි. මෙම මුද්දරය පැන්ස 01ක වටිනාකමකින් යුතු පෙනී බ්ලැක් මුද්දරය ලෙස හදුන්වනු ලැබුවා. මෙම මුද්දරයෙහි වික්ටෝරියා රැජිනගේ උඩුකය නිරුපනය වෙනවා.

මෙම මුද්දරයෙහි වර්තමාන මුද්දර වල මෙන් දාර සහිත වුනේ නැ. මුද්දර එකිනෙක වෙන් කලේ කතුරෙන් කැපිමෙන්.

එහෙන්ම පෙනී බ්ලැක් මුද්දරයෙහි නිකුත් කල රට සදහන් කිරිමක් සිදුකලේ නැ. එම නිසා බ්‍රිතාන්‍ය විසින් ඉන්පසු  නිකුත්කල  මුද්දර වල රටේ නම ඇතුලත් කලෙත් නැ.

- රොෂින් ප්‍රනාන්දු       

No comments:

Post a Comment