Sunday, July 24, 2016

උපපරමාංණුක අංශුවලින් ඔබ්බට - මූලික අංශූන් (i කොටස)

විශ්වයේ තියන මූලික අංශූන් ගැන ඉතා සරලව දැනුම බෙදාහදා ගන්න ලිපි මාලාවක් ආරම්භ කරන්න සිතුනා. මේ යටතේ  මූලික අංශූන්, බල වගේම   ඉදිරියේදි අදුරු පදාර්ථ හා අදුරු ශක්තින් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 




මූල් කාලේදි හැමෝම හිතුවේ මුලද්‍රව්‍ය තමයි මූලිකම දේ කියලා. මේ මූලද්‍රව්‍ය වර්ග සන්තතිකයි නැත්තම් ඒවා කුඩා කොටස් එක්විමෙන් තැනු දෙයක් නොවේ කියලා. නමුත් පසුකාලිනව සිදුකල පරික්ෂණ වලදි පෙනි ගියා මූලද්‍රව්‍ය තැනි තියෙන්නේත් පරමාණු නම් කුඩා ඒකක වලින් කියලා. ඒ අනුව හිතන්න ගත්තා පරමානු තමා විශ්වයේ තියන කුඩාම අංශුව, එය බිදහෙලන්න බැ කියලා. නමුත් මේ මතයත් වැඩි කල් තිබ්බේ නැ. 

පරමානුව සැදි තිබෙන්නේ නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙට්‍රෝන කියන උපපරමාණුක අංශුන් ගෙන් කියලා විද්‍යාඥයින් සොයාගත්තා.     

ප්‍රෝටෝනය සොයාගත්තේ අර්නස්ට් රදර්ෆඩ් මහතා වන අතර, ඉලෙට්‍රෝනය හා නියුට්‍රෝනය පිලිවෙලින් ජේ.ජේ. තොම්සන්  හා ජේම්ස් චැඩ්වික් යන මහත්වරුන් විසින් සොයාගනු ලැබුවා.


තොම්සන්

රදර්ෆර්ඩ්



චැඩ්වික්


නමුත් විද්‍යාෙව්දි සිදුකල පරික්ෂණ වලින් පසුකාලිනව සිදුකරනු ලබන පරික්ෂණ මාලාවන් මගින් තවත් කුඩා අංශුන් විශාල ප්‍රමාණයක් සොයාගනු ලබනවා. මෙම අංශුන් මියු, පයි වැනි  ග්‍රික හෝඩියේ ඇති සලකුණු භාවිතා කරමින් කරමින් නම් කරනවා.  අන්තිමේදි හෝඩියත් මදි වෙනවා. ඒ තරම් අංශූන් ප්‍රමාණයක් සොයාගන්නවා. 

මෙහෙම හොයාගෙන හොයාගෙන ගියාට වැඩක් නැ කියලා හිතපු විද්‍යාඥයින් මෙසේ සොයාගත් අංශූන් ඒවායේ භ්‍රමණය, ආරෝපණය, ආයු  කාලය,  ස්කන්ධය වැනි කරුනු සලකා වර්ග කිරිමකට ලක් කරනවා.

කොහොමින් කොහොමින් හරි වර්ථමානයේ දි පිලිගන්නා ආකෘතිය අනුව විශ්වයේ මූලික අංශූන් වර්ග මෙසේයි.

ඒවානම්,

  • ක්වාක්ස්
  • ලෙප්ටෝන්ස්
  • ගේජ් බෝසෝන්
  • හිග්ස් බෝසෝන්

අපි දැන් මේ එකිනෙක කතා කරමු.

ක්වාක්ස්

ක්වාක්ස් වර්ග 6ක් පවතිනවා.
  1. UP
  2. DOWN 
  3. TOP
  4. BOTTOM
  5. CHARM
  6. STRANGE
මෙම වර්ග 6න් වඩාත්ම සුලබ හා ස්ථායි ක්වාක්ස් වර්ග වන්නේ UP, DOWN යන ක්වාක්ස් වර්ග දෙකයි. ඉතිරි ක්වාක්ස් වර්ග පවතින්නේ ඉතාම සුලු වේලාවක් පමණි. 

මින් up  charm top  යන ක්වාක්ස් වර්ග +2/3ක ආරෝපනයක් දරන අතර,  down bottom strange යන ක්වාක්ස් - 1/3 ක ආරෝපනයක් දරනවා.  



ක්වාක්ස්  එක්විමෙන් සැදෙන  අංශුන් හදුන්වන්නේ ‘‘බැරියෝන‘‘ කියලායි. බැරියෝන කියන ග්‍රීක වදන  ‘‘බරැති‘‘ කියන තේරුම රැගත් වදනක්. පරමාණුවේ න්‍යෂ්ටියේ ඇති නියුට්‍රෝන හා ප්‍රෝටෝන සැදි තියෙන්නේ ක්වාක්ස් අංශු වලින්. එතකොට  නියුට්‍රෝන හා ප්‍රෝටෝන, ‘‘බැරියෝන‘‘ කියා කියන්න පුලුවන්. 


මින් නියුට්‍රෝන සැදෙන්නේ down ක්වාක්ස් අංශු 2ක් හා up ක්වාක්ස් අංශුවක් එකතු විමෙන්. ප්‍රෝටෝන සැදෙන්නේ   up ක්වාක්ස් අංශු 2ක් හා down ක්වාක්ස් අංශුවක් එකතු විමෙන්. ඒ අනුව පරමානුවේ න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන කඩලා පුලුවන් ක්වාක්ස් වර්ග ගන්න. පාටිකල් ඇක්සලරේටරයකදි කරන්නේ මේක. පාටිකල් ඇක්සලරේටරය ගැන මෙම ලිපි මාලවේදිම ඉදිරියේදි කතා කරමු.

ප්‍රෝටෝන්

නියුට්‍රෝන්



මේ හැම ක්වාක්ස් වර්ගයටම, ඇන්ටිපාටිකල් එකක් නැතිනම් ප්‍රතිඅංශුවක් තියනවා. ප්‍රතිඅංශුව කියලා කියන්නේ යම් අංශුවක ස්කන්දයම සහිත නමුත් ආරෝපනය පමණක් වෙනස් වූ වෙනත් අංශුවක්.

ක්වාක්ස් ප්‍රතිඅංශුන් එක්විමෙන් ප්‍රති බැරියෝන සැදෙනවා. ඒ කියන්නේ ඇන්ටි ප්‍රෝටෝන හා ඇන්ටිනියුට්‍රෝනත් තියනවා.


ලෙප්ටෝන 

ලෙප්ටෝන වර්ග 6කි


  1. electron 
  2. tau 
  3. muon
  4. electron neutrino
  5. muon neutrino
  6. tau neutrino
මින් වඩාත්ම ස්ථායි හා සුලබ වන්නේ ඉලෙට්‍රෝනයි. 
ඉලෙට්‍රෝන,මිඔ්න හා ටාවූ,  සෘණ 1 ක ආරෝපනයක් දරනවා.  

 මෙහි නියුට්‍රිනෝ යනුවෙන් දැක්වෙන අංශූන් වර්ග 3, ස්කන්ධය නොගිනිය හැකි තරම් කුඩා හා ආරෝපනයක් රහිත අංශුන් වේ.  ඒ නිසා මෙම අංශුන් විද්‍යුත් ක්ෂේත්‍ර මගින් හැරවිය නොහැක. විශ්වයේ බහුලව පවතින නියුට්‍රිනෝ, තත්පරයක් තුල  අප සිරුර තුලින්ද  අති විශාල ප්‍රමාණයක් ගමන් කරයි.




ගේජ් බෝසෝන ගැන කතා කරන්න කලින් බල වර්ග ගැන කතාකල යුතු නිසා, ඊලග ලිපියෙන් ඒ ගැන කතා කරමු.

- රොෂින් ප්‍රනාන්දු  

           

           

          1 comment:

          1. Supiri. Digatama liyanna. Sthuyhiyi mewa api ekka beda gaththata.

            ReplyDelete