Saturday, July 23, 2016

ටොරන්ට් (torrent) වැඩ කරන්නේ කොහොමද?

චිත්‍රපට මුදුකාංග ගීත බාගත කරගන්න, ටොරන්ට් (torrent) භාවිතා කරලා ඇති ඔයාලා. ඒ වගේම පසුගියදා kiskass ලොක්කා අල්ලපු එකෙන් ටොරන්ට් (torrent) ගැන දත් නොදත් හැමෝම මේ ගැන වැඩි අවධානයක් දුන්නා.. ඉතින් හිතුනා ටොර්න්ට් වැඩ කරන හැටි ගැන ලිපියක්ලියන්න.







ඔයාට ඕනැ වෙනවා යම් චිත්‍රපටයක් බා ගත කරගන්න. ඔයා අන්තර්ජාලයේ හොයලා බලද්දි මෙම චිත්‍රපටයේ Mb ප්‍රමාණය විශාලයි. ඒ වගේම සෘජුව බාගත කිරිමේදි හදිස්සියේවත් අන්තර්ජාල සබදතාව බිද වැටුනොත් වැඩේ එතැනින්ම අහවරයි. මෙන්න මෙවැනි අවස්ථාවලදි බොහෝ දෙනෙකුගේ තේරිම තමයි ටොරන්ට්.



ලොකේ කොහේහරි ඉන්න පුද්ගලයෙක් ලග ඔයාට ඕනාවෙන චිත්‍රපටය තියනවා. එයා කරන්නේ ඒ චිත්‍රපටය වෙනුවෙන් ටොරන්ට් ෆයිල් එක්ක හදලා ඒක අන්තර්ජාලයට උඩුගත කරන එක. මෙම ටොර්න්ට් ෆයිල් එක  ඉතා කුඩා ඉඩක් ගන්නා නිසා බා ගත කිරිමත් පහසුයි. මෙම ගොනුව තුල අන්තර්ගත වෙන්නේ ෆයිල් සයිස් එක, ෆයිල් එකේ නම, ට්‍රැකර්ස්ලා ගේ ලිපින, පීසස් ප්‍රමාණය, පීසස් වල දිග වගේ කරුණු කිහිපයක්. 

දැන් ඔයාට තියෙන්නේ මෙම ගොනුව බාගත කරගෙන බිට් ටොරන්ට් වැනි  torrent client මුදුකාංගයක් හරහා චිත්‍රපටය බාගත කරගන්න එක.  මේක තමා සාමන්‍ය විදිය. 

ඒ අනුව  බා ගත කරපු චිත්‍රපටය ඔබට ලැබුනේ තවත් කෙනෛක්ගේ පරිගණයේ ඉදලායි. නමුත් ඔයාලාට හිතෙන්න පුලුවන් බොහෝ දෙනෙක්ට එකවර  එහෙම පරිගණයක සිට බොදාහරිද්දි පද්ධතිය බිද වැටෙන්න පුලුවන් කියලා. මතක තියාගන්න ටොරන්ට් මගින් බාගත වෙද්දි, අදාල ෆයිල් එක ඉතා කුඩා පිසස් නැත්තම් කැබැලි වලට කැඩෙනවා. මෙසේ කැබලි ලෙස තමයි එක පරිගණකය සිට අනිත් එකට මාරු වෙන්නේ. ඔයා විසින් බාගත කරපු චිත්‍රපටය ඔයාට ලැබුනේ කැබලි විදියට.   torrent client මුදුකාංගය විසින් එය නිසිලෙස එකලස් කරලා සම්පුර්ණ කරලා ඔයාට දෙනවා. මෙලෙස මෙම කුඩා කැබැලි තියන තැන් සොයගෙන ඒවා නිසි ලෙස කලමනාකරණයකින් යුතුව ලබාගන්න trackers උපකාරි වෙනවා. එක පිස් එකක් තියෙන්නේ සිංගප්පුරුවේ තියන පරිගණයකින් වෙන්න පුලුවන්. අනික තිබුනේ ඉතියෝපියාවේ වෙන්න පුලුවන්. නමුත් ඒවා සියල්ල හොයාගන්න ට්‍රැකර් උපකාරි වෙනවා.

එමෙන්ම ඔයා විසින් එම චිත්‍රපටය බාගත කරද්දිම, අප්ලෝඩ් කිරිමකුත් සිදුවෙනවා. 

seeds කියන වචනය හොදටම හුරු ඇති ඔයාලාට. ඔයාලා ටොරන්ට් ෆයිල් එකක් බාගත කරගද්දි එයට ඉන්න ​සීඩ්ස් ගාන අනිවාර්යයෙන්ම බලනවා ඇති. එක චිත්‍රපටයක ටොර්න්ට් ෆයිල් එක යම් කෙනෙක් උඩුගත කරනවා අන්තර්ජාලයට. ඔන්න දැන් එක සීඩර් කෙනෙක් ඉන්නවා. ඒ ෆයිල් එක හරහා 50ක් චිත්‍රපටය බාගත කරගන්නවා. දැන් සීඩර්ලා තවත් 50ක් එක්වුනා. ඔය ආකාරයට ඩවුන්ලෝඩ් කරන ගමන් අප්ලෝ්ඩ් කරන ප්‍රමාණය තමයි ඒ. එයාලාගෙන් තමයි ඔයාටත් චිත්‍රපටය ආවේ.   සීඩර්ලාගේ පරිගනක වලින් කොටස් ලෙස ඔබේ පරිගණකයට බාගත වෙන නිසා, සීඩර්ස්ලා අඩුනම් බාගත වෙන වේගය අඩු වෙන්න පුලුවන්.




1 comment: