Thursday, July 21, 2016

Kickass මොලකරු ඇතුලට.......

ලොව ප්‍රමුඛපෙලේ ෆයිල් ශෙයාරින් වෙබ් අඩවියක් වන Kickass වෙබ්අඩවියේ ප්‍රධානි 30 හැවිරිදි    ‘‘අර්ටම් වෝලින්‘‘ අත්අඩංගුවට ගෙන තිබෙනවා.






ප්‍රකාශන අයිතින් උල්ලංඝනය කරමින් නිත්‍යානුකූල නොවන ලෙස ගොනු බෙදාහැරිම ඔහුට ඇති චෝදනාවයි. අැමරිකාවය ඔහුව පිටුවහල් කොට ඉදිරි නිතිමය කටයුතු සිදුකිරිමට අධිකරණ දෙපාර්තමෙන්තුව දැනට කටයුතු සිදුකරගෙන යයි.




 kickass torrents  විසින් ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන ගොනු මුදාහැර ඇතැයි පැමිණිලිකාර පාර්ශවයන් පවසයි.  2008 වසරේ සිට kickass අඩවිය විසින් බිට් ටොරන්ට් හරහා සොරාගත් චිත්‍රපට, රැපවාහිනි නාටක, විවිධ මුදුකාංග වර්ග බොදාහැර ඇත.

මසකට මිලියන 50 ඉක්මවූ පිරිසක් වෙබ් අඩවියට පිවිස ඇති බවද පැමිණිල්ලේ සදහන් වේ.

වෙබ් අඩවිය තුල ‘‘tirm‘‘ යන පටබැදි නාමයෙන් වෝලින් පෙනිසිට ඇත.

ප්‍රකාශන අයිතින් උල්ලංඝනයට අමතරව, වෝලින් හට මුදල් විශුද්ධිකරණ චෝදනාද එල්ලව ඇත. මෙම වෙබ් අඩවි තුලින් වෙලද දැන්විම් පල කිරිමෙන් වසරකට ඩොලර් මිලියන 22.3 උපයා ඇති බව ද පැමිණිල්ලේ සදහන් වේ.

නිති දෙපාර්තමෙන්තුව විසින් දැනට, kickasstorrents.com, kastatic.com, thekat.tv, kat.cr, kickass.cr, kickass.to හා kat.ph යන අඩවි තහනම් කර ඇත.

මීට පෙරද මෙවැනි චෝදනා මත ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියක් වන Pirates bay වෙබ් අඩවිය තාවකාලිකව වසා දැමිමට පියවර ගති.

- රොෂින් ප්‍රනාන්දු  

No comments:

Post a Comment