Wednesday, July 27, 2016

උරුලෑ බෙටි වලින් හදන ලොව මිල අධිකම කෝපි වර්ගය - කොපි ලුවක්

ඔයාලා හැමෝම කෝපි බිලා ඇතිනේ.  ලොව මිල අධිකම කෝපි වර්ගයක් වන ‘‘කොපිලුවක්‘‘ නම් කෝපි වර්ගය සාදනුයේ උරුලෑ විශේෂයක බෙටි වලින් කියලා ඔයාලා දන්නවාද? මේ ලිපිය ඒ ගැනයි.










කොපි ලුවක් නැතිනම් උරුලෑ කෝපි නිෂ්පාදනය කරනු ලබන්නේ,  Asian palm civet නම් උරුලැවා විසින් කෝපි ගෙඩි අාහාරයට ගෙන පිට කරන මල වල ඇති නොදිරවූ කෝපි ඇට පිරිසිදු කිරිම මගිනි.

Asian palm civet


ඉන්දුනිසියාවේදි උපත ලද  කොපිලුවක් කෝපි වර්ගයට, ලන්දේසි යටත් ජිවිත යුගයටත් වඩා වැඩි ඉතිහාසයක් ඇත. ලන්දේසින් විසින් ඉන්දුනිසියාවේ සුමාත්‍රා හා ජාවා දූපත් වල කෝපි වගාව ව්‍යාප්ත කිරිමත් සමග ඉන්දුනිසියානු ජාතික ගොවියන්ට හා කම්කරුවන්ට තම පෞද්ගලික පරිභෝජනය සදහා කෝපි නෙලිම තහනම් කරන ලදි. මේ නිසා ඉන්දුනිසියානු ජාතිකයින් කෝපි තහනමට විකල්පයක් සෙවිමේදි  ලුවක් නම් උරුලැවා විසින් කෝපි ගෙඩි ආහාරයට ගෙන බීජ මල සමග පිටකරන බව සොයාගන්නා ලදි. ඒ අනුව ඉන්දුනිසියානු ජාතිකයින් විසින් උරැලා මල වල ඇති කෝපි ඇට පිරිසිදු කර බැද කුඩු කර පානයට ගන්නා ලදි. මෙම කෝපි වර්ගයේ වූ මිහිරි රසය හේතුවෙන් එය ලන්දේසි යටත්විජිත පාලකයින් දක්වාම පැතිර යන්නට විය. එ් සමයේද කොපිලුවක් යනු මිල අධික කෝපි වර්ගයකි.



ඉන්දුනිසියාවේ සුමාත්‍රා දූපත ලොව ප්‍රධාන කොපිලුවක් නිෂ්පාදකයා වේ. උරුලැවන් විශාල ප්‍රමාණයක් කූඩු කර, කෝපි ගෙඩි ආහාර ලෙස ලබාදෙමින්, මල එකතු කර මහපරිමාණයෙන් කෝපි නිෂ්පාදනය සිදුකරයි්‍.



කොපි ලුවක් රාත්තලක් ඩොලර් 600 ක පමණ උපරිම මිලකට අලෙවි වේ. මේ ආකාරයටම වියට්නාමය තුල සාදනු ලබන කෝපි  කිලෝවක් ඩොලර් 3000ක් පමණ වේ.  කෝපි කෝප්පයක් රුපියල් 50000ක් පමණ වේ.

- රොෂීන් ප්‍රනාන්දු

No comments:

Post a Comment