Saturday, July 30, 2016

ලොව වැඩිම පිරිසක් කියන සින්දුව - happy birthday to you

ඔයාලා  දන්නවාද ලොව වැඩිම පිරිසක් ගායනා කරන ගීතය ගිතය වන්නේ  happy birthday to you බව?
ඉතින් හිතුනා  happy birthday to you එකේ ඉතිහාසය ටිකක් සොයාලා බලන්න.



හිල් සොයුරියන්




අැමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පෙරපාසල්  ගුරුවරියන් මිල්ඩ්‍රෙඩ් හා පැටි හිල් කියන සහෝදරියන් දෙදෙනා ලෙස කටයුතු කලා. මේ දෙදෙනා විසින් 1893 වසරේදි පමණ  තම පෙරපාසලේ ලමුන් සදහා උදැසන ගායනා කරන ගීතයක් සකස් කලා.   

එම ගීතය නම්,

Good Morning to You
Good Morning to You
Good Morning dear children  
Good Morning to You



මෙම ගීතයේ තනුව, ඔවුන් විසින් පලකල Song Stories for the Kindergarten නම් කෘතියේ සදහන් කරනු ලැබුවා.

Good Morning to You ගිතය පාසල් සිසුන් හා ගුරුවරුන් අතර ඉතා වේගයෙන් පැතිර යන්නට විය. මෙම ගිත තනුව අනුසාරයෙන්ම උපන්දින අවස්ථාවලදි ගායනා කිරිම සදහා happy birthday to you නමින් ගීතයක්ද නිල නොවන අාකාරයන් තැනුනා. නමුදු නිල වශයෙන්  happy birthday to you ගිතය පිලිබද මුල් සාධක හමුවන්නේ, ඊඩිත් ගුඩ්ඉයර් ගේ A Primer of Work and Play නම්  කෘතියෙනි.

  Good Morning to You තනුවට අනුව සැකසු  happy birthday to you යන ගීතය පලමු වරට හමුවන්නේ 1911 වසරේ එලිදුටු The Elementary Worker and His Work නම් කෘතියෙනි. 

happy birthday to you බිහිවිම හා ප්‍රකාශන අයිතිය ගැන ගැටලු රාශියක් ඇත. අයිතිය වෙනුවෙන් වසර ගනනාවක් තිස්සේ සමාගම් අතර නඩු ගනනාවක් පැවතිනි.  

බුද්ධිමය දේපල ප්‍රකාශණ නිති අනුව රචකයාගේ මරනින් පසුව වසර 70ක් යන තුරුම අදාල ගිතයේ අයිතියක් රචකයා සතු බැවින්,අවසන් වරට මියගිය රචකයා වන පැටි හිල් (1946 වසරේදි)  වෙනුවෙන් 2016 දෙසැම්බර් මස දක්වා අයිතිය සතුවේ. 

කාට අයිති වුනත්, කවුරු නිර්මාණය කලත් අද වන විට   happy birthday to you  විශ්විය ගීතයක් බවට පත්ව ඇත.

- රොෂින් ප්‍රනාන්දු



No comments:

Post a Comment