Saturday, July 23, 2016

උපත් පාලන ක්‍රම ගැන සරලව

උපත්පාලන ක්‍රම ප්‍රධාන වර්ග දෙකයි.
1. තාවකාලික උපත් පාලනය
2. ස්ථිර උපත් පාලනය



තාවකාලික උපත් පාලනය නැවතත් කොටස් කීපයකට බෙදෙනවා.
අ) බැරියර් ක්‍රමය
ආ) හෝමෝන ක්‍රමය
ඇ) අධිරෝපන වැලැක්විමේ ක්‍රමය
ඈ) ස්වභාවික පාලන ක්‍රම

අපි දැන් මේ එක එක ගැන කතා කරමු.

අ) බැරියර් ක්‍රමය.

කොන්ඩම
පිරිමින් සදහා  කොන්ඩම 

කාන්තාවන් සදහා කොන්ඩම


බහුලවම භාවිතා වන ක්‍රමය තමා කොන්ඩම භාවිතය. කොණ්ඩම, පිරිම කොන්ඩම හා ගැහැණු කොන්ඩම යන 
ආකාර දෙකෙන්ම තියෙනවා. මින් බහුල පිරිමි කොණ්ඩම වර්ගයි. මිලෙන් අඩුවීම, භාවිතයේ පහසුව, ඉක්මන් භාවිතය 
වැනි කරුණු කොන්ඩම බහුලව ව්‍යාප්ත විමට හේතු වුනා. කොන්ඩම භාවිතයේ අසාර්ථක විමේ අගය අඩුයි.

කැප් ‍හෝ ප්‍රාචිර භාවිතය


ගැබ්ගෙලට පිටතින් කැප් එකක් හෝ ප්‍රාචිරයක් සම්බන්ධ කිරිමයි මෙයින් වෙන්නේ. එමගින් ගැබ්ගෙල හරහා ශුක්‍රාණු 
ගමන්කිරිම වලකනවා. මෙය පලමුව සවිකරවාගැනිට වෛද්‍යවරයකු මුනගැසිය යුතු විය හැක. බඩ ආශ්‍රිත වේදනා ඇති වියද හැක.
අසාර්ථක විමේ ප්‍රතිශතය කොන්ඩම වලට වඩා වැඩියි.

ස්පර්මිසයිඩ්

මෙය ශුක්‍රාණු විනාශ කරන සංයෝගයකි. යෝනිය යෝනිමාර්ග තුල ආලේප කරයි. නිසි පරිදි භාවිතා නොකිරිම නිසා අසාර්ථක විමේ 
හැකියාව ඉහල වේ.

ස්පොන්ජ්

ස්පර්මිසයිඩ් අඩංගු ස්පොන්ජයකි. ගැබ්ගෙල ආශ්‍රිතව ස්ථානගත කරයි. කැප් භාවිතයට වඩා පහසුවේ. නමුත් අසාර්ථක විමේ ප්‍රතිශතය ඉහලයි.


ආ) හෝමෝනමය ක්‍රම

ගිලින පෙති



බහුලව භාවිතා වන හෝමෝනමය පෙති දැන් වෙලදපොලෙන් පහසුවෙන් මිලදි ගත හැක. මිතුරි වැනි පෙති මෙයට උදාහරණ වේ. මෙම පෙතිවල ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අන්තර්ගත වේ. ඩිම්බ පරිනතිය, මෝචනය හා ගර්භාෂයේ එන්ඩොමෙට්‍රියමේ වර්ධනය අවම කරයි. එමෙන්ම ගැබ්ගෙලේ මියුකස් පටලය ඝන කරවයි. 
පෙති භාවිතයේදි අඛණ්ඩව දිනපතා භාවිතා කල යුතුවේ. නිසි පරිදි භාවිතා කලහොත්, අසාර්ථක විමේ අගය ඉතාම අවම වේ. පෙති නැවැත්වු පසු, ඊලග ගැබ් ගැනිම සදහා බාදාවක් ඇති නොකරයි. නමුදු අතුරු ආබාද කිහිපයක් නම් ඇතිවිය හැකියි මිතුරනි. 
මහත් විම මෙන්ම සමහරුන්ට ඔක්කාර තත්ත්ව ඇතිවිය හැක. වයස්ගත කාන්තාවන්ට හා දුම්පානය කරන වයස
35 ඉක්මවු කාන්තාවන්ට නම් මෙය නිර්දේශ නොකරමි.

- ගිලින පෙති වර්ග හා භාවිතා කරන ආකාරය ගැන වෙනම ලිපියක් බාලාපොරොත්තු වන්න.


ඩිපෝ ප්‍රොවිරා භාවිතය


ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඇතුලත් පාලන ක්‍රමයකි. යම් කාල සිමාවකට වරක් එන්නත් කරගත යුතුවේ. 
ගර්භාෂ එන්ඩොමෙට්‍රියම තුනි වීම නිසා අධිරෝපනය වැලකිම, මියුකස් ගනවිම, ඩිම්බ මෝචනය වැලකිම මෙයින් සිදුවේ.

ඇ) අධිරෝපන වැලැක්විම ක්‍රම

ලූප් ක්‍රමය


ප්ලාස්ටික් හෝ කොපර් හෝ මල නොකන වානේ වලින් තැනු කුඩා ප්‍රමාණයේ දගරාකාර උපකරණයක් ගර්භෘෂය තුල තැම්පත්කිරිම සිදුකරයි.
මෙහිදි සිදුවන්නේ ඩිම්බය ශුක්‍රාණුවක් මගින් සංසේචනය වී යුක්තානුව සැදි තිබුනත්, එය ගර්භාෂය තුල අධිරෝපනය සදහා බාදා විමයි. වෛද්‍ය උපදෙස් මත සවිකල යුතු අතර ලමයින් ඇති කාන්තාවන් සදහා වඩාත් සුදුසු වේ. අසාර්ථක විමේ ප්‍රතිශතය අවමයි.

ඈ) ස්වභාවික ක්‍රම

බහුලව භාවිතා වන ස්වභාවික ක්‍රම ගැන පොස්ටුවේ ඉහල හොද හැටි කතා කර ඇත. 
බොහෝවිට ඔසප් චක්‍රයේ සරු දින මගහැර එක්විම මෙහිදි බහුලව සිදුවේ. නමුත් අසාර්ථක විමේ හැකියාව ඉහලයි.
සත්‍ය ලෙසම ඩිම්බ නිකුත් වන දින සෙවිම සදහා උෂ්නත්ව ප්‍රස්ථාර බාවිතා කල හැක. නමුත් උෂ්නත්ව ප්‍රස්ථාර එදිනෙදා ජිවිතයේ
කටයුතු වලින් අපගමනයකි.
එමෙන්ම සුරතාන්තයට පෙර ශිෂ්ණය යෝනිමාර්ගයෙන් ඉවත් කිරිමද අනෙක් ක්‍රමයයි. මෙයද අසාර්ථක විමේ අගය ඉහලයි.

ස්ථිර උපත්පාලන ගැන ලිපියක් බලාපොරොත්තු වන්න.

ස්තුතියි

2 comments: