Thursday, July 21, 2016

මුරුසි රටේ කතාව


මුරුසිය අපේ යාලුවොන්ට හොදට අහලා පුරුදු රටක් නොවැ. මුරුසිය හා ලංකාව අතර සබදතා ඇතිවෙන සිද්ධි කිහිපයක්ම තියනවා. 









මුරුසිය අප්‍රිකානු මහද්වීපයට අයත් රටක්. මුරුසි ජනරජය තමා නිල නාමය. අගනුවර පෝර්ට් ලුවිස්. මුරුසි රාජ්‍ය දූපත් කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන මුරුසි දූපත හැරුනු විට රොඩ්රිගෝස් දූපත හා තවත් කුඩා දූපත් කිහිපයකින් සමන්විතයි. සමහර දූපත් ජනශූන්‍යයි. 



මුරුසිය,රොඩ්රිගෝ හා මේ දූපත් ආසන්නයේ ඇති ප්‍රංශයට අයත් දූපතක් වන රියුනියන් යන දූපත් මැස්කරින් දූපත් නැතහොත් මස්කරඤ්ඤාස් කොදෙව්ව ලෙස හදුන්වනවා.

මුරුසිය ගැන ලිඛිත ඉතිහාසයේ මුලින්ම කතා කරන්නේ ඉතාලි ජාතික ඇල්බටෝ කැන්ටිනෝ කියන සිතියම්කරු විසින්. මුරුසි දුපත් සොයාගනු ලැබුවේ ක්‍රි.ව 1501 දී පෘතුගීසි ජාතික ජෙඩ්රෝ මස්කරඤ්ඤාස් විසිනි. ඔහු මෙම දූපත තැබූ නම වන්නේ සිරිනේ යන්නයි. නමුත් ලන්දේසීන් තමන්ට මෙම දූපත අයත්යැයි කියමින් මොරිෂ් යන නම් තැබුවා. නමුත් මෙහි ලන්දේසී ජනාවාසයක් පිහිටුවිමට ඔවුන්ට නොහැකි විය.

1715 දී ප්‍රංශ නැගෙනහිරි ඉන්දීය වෙලද සමාගම විසින් මෙම දූපත තමන්ට අයත් යැයි පවසමින් ප්‍රකාශයක් නිකුත් කල නම අයිලේ ඩි ප්‍රාන්ස් ලෙස වෙනස් කරන ලදි. 1767 දක්වා මුරුසිය ප්‍රංශ නැගෙනහිර ඉන්දීය වෙලද සමාගම විසින් පාලනය කරන ලදි.

1810 වසරේ අගොස්තු මස අගභාගයේ සිදුවූ ග්‍රෑන්ඩ් පෝට් සටන නම් වූ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ නාවික හමුදා අතර සටනින් ප්‍රංශය ජයලැබුවත් එම වසරේම දෙසැම්බරයේදි ජොසියස් රෝලිගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍ය හමුදා අයිලේ ඩි ප්‍රාන්ස් දූපත් තමන් යටතට ගන්නා ලදි. ඔවුන් නැවතත් මුරුසිය නම තබන ලදි.

පලමු හා දෙවැනි ලෝක යුද්ධ වලදි මුරුසියට එතරම් බලපෑමක් නොවීය. මුරුසියට බ්‍රිතාන්‍ය යුධ සෙබලුන් පැමිණියත් ලෝක යුද්ධ දෙකම මුරුසිය කෙරෙහි එතරම් යුධමය බලපෑමක් සිදු නොකලේය. නමුත් දෙවැනි ලෝක යුධ සමයේ 1943 වසරේදී ජර්මානු සබ්මැරීන විසින් බ්‍රිතාන්‍ය නෞකා කිහිපයක් මුරුසිය අවට මුහුදේදී පහර දී ගිල්වා දමන ලදි. යුධමය වශයෙන් බලපෑමක් ඇති නොකලත් සාමාජිය වශයෙන් ලෝක යුද්ධ මුරුසි ජාතිකයින්ට දැඩි බලපෑමක් කලේය. මුරුසි ආර්ථිකය ඉතා අවම මට්ටමට පත් කිරීමට ලෝක යුද්ධ හේතු විය. මුරුසියේ සීනි අපනයන කටයුතු වලටද ලෝක යුද්ධ දැඩි බාධාවක් විය.

මුරුසිය ජනරජයක් බවට පත්වූයේ 1992 මාර්තු 12 වන දිනයේය.

මුරුසිය අප්‍රිකානු මහද්වීපයේ සමෘද්ධිමත්ම රටකි. මුරුසි දූපතේ ජීවත් වන බහුතරය හින්දූ ජාතින් වේ.ප්‍රධාන භාෂාවන් ලෙස ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා භාවිතා කරයි.

බ්‍රිතාන්‍ය කොලණියක් බවට පත්වීමත් සමග මුරුසියේ මුදල් ඒකක ලෙස මුරුසි ඩොලරය, ඉන්දියන් රුපියල මෙන්ම ස්ටර්ලින් පවා මුරුසිය තුල සංසරණ වුවත් 1877දී මුරුසි රුපියල් හදුන්වා දුනි. අදද මුරුසියේ මුදල් ඒකකය මුරුසි රුපියලයි.

දේශපාලනික වශයෙන් මුරුසිය බහුපක්ෂ ක්‍රමයක් පවතින පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටකි. විධායක අගමැතිවරයකු සිටි. රටේ ප්‍රධානියා ජනාධිපතිය. මුරුසිය තුල රාජ්‍ය භාෂාවක් නොමැත.
මුරුසිය සිනි,මොලැසස්,මල් වර්ග අපනයනයෙන් ඉහල ආදායම් උපයයි. මුරුසියට යන ඕනාම අයකුට උක් ගස් සුලබ දසුනකි. ගොනුන් හෝ බූරුවන් බැද සාම්ප්‍රදායික ක්‍රම වලින් උක් මිරිකන දර්ශණ රමණිය වේ. බ්‍රිතාන්‍ය මුරුසියේ ප්‍රධාන පෙලේ ගැනුම්කරු වේ.

සංචාරක ව්‍යාපාරය අතින්ද මුරුසිය ඉදිරියෙන් පසුවේ. සංචාරක සිත් බැදගන්නා ස්ථාන බොහෝය. වෛවර්ණ වැලි පස් සහිත නිර්මාණයක් වන ටෙරස් දෙස් සෙප්ට් කියුලර්ස් නම් ස්ථානය සංචාරකයන් නිබද ගැවසෙන ස්ථානයකි. මුරුසිය ලොව මධුසමයන් වෙනුවෙන්ම සැකසුනු සුපිරි පන්ති හෝටල් වලින් සමන්විතය.සර් රාම්ගොලම් ජාත්‍යන්තර ගුවන් තොටුපල මුරුසියේ ප්‍රධාන ගුවන්තොටුපලයි. ඉන්දියාවෙන් බාහිරව ලොව විශාලතම මහා සිවරාත්‍රි උත්සවය පවත්වන රට වන්නේද මුරුසියයි.

ජෛව විවිධත්වය අතින්ද මුරුසිය ඉදිරියෙන් පවති. දැනට මිහිමතින් වදවී ගිය සත්ත්ව විශේෂයක් වන ඩෝ ඩෝ පක්ෂියා අවසන් වරට ජීවත් වූ භූමිය වන්නේ ද මුරුසි දූපතයි. මුරුසි දූපතට පැමිණි පෘතුගීසි ජාතිකයින් විසින් ඩෝ ඩෝ පක්ෂින් අධික ලෙස මරා ආහාරයට ගැනීම නිසා 1681 දී අවසන් ඩෝ ඩෝ පක්ෂීයා ද මිහි මතින් වදවී ගියේය. ඩෝ ඩෝ පක්ෂීන් වදවීම මිනිසාගේ අධික නොසැලකිල්ලෙන් සිදුවූවකි.



මුරුසියේ ජාතික ක්‍රිඩාව පාපනදු වේ. මුරුසි ජාතික පාපන්දු කණ්ඩායම ක්ලබ් එම් යන නමින් හදුන්වයි. අශ්ව රේස් ද මුරුසියේ ජනප්‍රිය ක්‍රිඩාවකි.

මුරුසිය හා ලංකාව අතර සබදතා ඇති බව මා මුලදීම පැවසුවා ඔබට මතක ඇත.

ඉංග්‍රීසින් විසින් ඇහැලේපොළ මහ අදිකාරම පිටුවහල් කරනු ලැබුවේ මුරුසි දිවයිනටයි. අදත් එතුමාගේ ස්මාරකය මුරුසියේ දක්නට ලැබේ. 1829 දි එතුමා මුරුසියේදි අභාවයට පත්විය.


ඇහැලේපොල ස්මාරකය


මුරුසි මුද්දරය හා ලංකාව අතර ඇති සබදතාව බොහෝ දෙනෙක් නොදන්නා කතාවකි. ශ්‍රිමත් අර්නස්ට් සිල්වා නම් ඉඩම් හිමි වැවිලිකරුවෙක් මෙරට සිටියේය. එතුමා බුදු දහම කෙරෙහි මහත් භක්තියකින් ලැදියාවකින් කටයුතු කලේය. එතුමා සතුව මුරුසි තැපැල් දෙපාර්තමෙන්තුව මගින් මුද්‍රණය කල මුරුසි පැන්සයේ මුද්දරයක් තිබිණි. මෙම මුද්දයේ මුද්‍රණ දෝශයක් නිසා මෙම මුද්දරය ඉතා වටිනාකමක් ඇති මුද්දරයක් විය. එම මුද්දරය මුද්‍රණයේදි POST PAID යන්න POST OFFICE ලෙස වැරදි වචනන ආදේශයක් නිසා මුද්‍රණ කටයුතු නතර කර දැමිය. එබැවින් සිල්වා මහතා සතු මුද්දරය දුලබ මුද්දරයකි.

සිල්වා මහතා මෙම මුද්දරය බ්‍රිතාන්‍යයේ වෙන්දේසිකර එයින් ලැබු මුලු මුදලම යොදවා බුදු මැදුරක් කරවිය.
2015 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුලුව පැවැත්වීමට නියමිතව තිබූයේ මුරුසියේයි. නමුත් 2013 වසරේ ලංකාවේ පැවැති එම සමුලුවට මුරුසි රාජ්‍ය නායක නවීන් රාම්ගෝලම් මහතා නොපැමිණිම නිසා 2015 සමුලුවේ සත්කාරකත්වය මොල්ටා රාජ්‍යයට ලැබිණි.

මුරුසියේ කතාව නිමයි.

-රොෂීන් ප්‍රනාන්දු

1 comment:

  1. යාළුවොන්ට නෙවෙයි යහළුවන්ට තමයි හරි.

    යහළු නමැති මූල ප්‍රකෘතියට අන් කියන ප්‍රත්‍යය එකතුවීමෙන් යහළු + අන් = යහළුවන් = යාළුවන් කියන වචනය හැදෙනවා. මේ වගේමයි කෙලි + අන් = කෙල්ලන්, කොලු + අන් = කොල්ලන්

    ReplyDelete