Wednesday, July 27, 2016

පොල් ගස් පුවක් ගස් දන් දුන් ඇත්තෝ..........

ලොව උසම කාන්තාවන් හා මිනිසුන් සිටින රටවල් මොනාද කියලා පසුගියදා කරපු පරික්ෂණ වලදි හෙලිවුනා.







 1914 වසරේ සිට රටවල් 187 සිදුකරන ලද පරික්ෂණ අනුව, ලොව උසම මධ්‍යන්‍ය උසක් සහිත පිරිමින් සිටිනුයේ ඕලන්දයේ(නෙදර්ලන්තයේ) බවත්, කාන්තාවන් සිටිනුවේ ලැත්වියාවේ බවත් අනාවරණය වි ඇත.

ඕලන්දජාතික පිරිමියෙකුගේ මධ්‍යන්‍ය උස අඩි 6ක් බවත්, ලැත්වියා ජාතික කාන්තාවකගේ මධ්‍යන්‍ය උස අඩි 5යි අගල් 7බව පරික්ෂණ වලින් හෙලිව ඇත.

එමෙන්ම ඉරාන පිරිමින් හා ද.කොරියානු කාන්තාවන් වේගයෙන් මධ්‍යන්‍ය උස වැඩිවන ජාතින් බව ද හදුනාගෙන ඇත‍

ලොව මිටිම මධ්‍යන්‍ය උසක් සහිත කාන්තාවන් සිටිනුයේ ගෝතමාලාවේයි. ඔවුන්ගේ මධ්‍යන්‍ය උස  අඩි 4යි අගල් 7 කි.

ලොව වැඩිම මධ්‍යන්‍ය උසක් සහිත පිරිමින් ඇති රටවල්,

  1. නෙදර්ලන්තය
  2. බෙල්ජියම
  3. එස්තෝනියාව
  4. ලැත්වියා
  5. ඩෙන්මාර්ක්
  6. බොස්නියා හා හර්සගොවිනා
  7. කොඒෂියා
  8. සර්බියා
  9. අයිස් ලන්තය
  10. චෙක් ජනරජය

   
  ලොව වැඩිම මධ්‍යන්‍ය උසක් සහිත කාන්තාවන් ඇති රටවල්, 

  1. ලැත්වියා
  2. නෙදර්ලන්තය
  3. එස්තෝනියා
  4. චෙක් ජනරජය
  5. සර්බියා
  6. ස්ලොවැකියා
  7. ඩෙන්මාක්
  8. ලිතුඒනියා
  9. බෙලරුස්
  10. යුක්රේනය

- රොෂීන් ප්‍රනාන්දු


1 comment: