Saturday, July 23, 2016

එවරස්ට් මුලින්ම නැග්ගේ හිලරි ද? මැලරි ද?

අපි හැමෝම දන්න විදියට ලොව පලමු වරට එවරස්ට් කදු මුදුන තරණය කලේ 1953 වසරේදි එඩ්මන්ඩ් හිලරි හා  ටෙනිසන් විසින්. නමුදු ඊට දශක 3කට පෙර බ්‍රිතාන්‍ය  ජාතිකයින් දෙදෙනකු විසින් එවරස්ට් කදු මුදුන තරණය කලා කියලා මතයක් පසුකාලිනව පැතිර ගියා . 
මේ  ගැන කතා කරන්න හිතුවා අද.







1920 දශකයේදි බ්‍රිතාන්‍ය විසින් එවරස්ට් ගවේෂණය කිහිපයක් සංවිධානය කරනවා. මෙම ගවේෂණ  ඔස්සේ  ජොර්ජ් මැලරි හා ඇන්ඩෘ අර්වින් කියන කදු නගින්නන් දෙදෙනාද එවරස්ට් තරණයට එක්වෙනවා. 

මැලරි



1924 වසරේදි එවරස්ට් කදු මුදුන තරණය කිරිමේ අටියෙන් පිටත්වන මැලරි හා අර්වින්  එවරස්ට් කන්දේ උත්තර මුහුනතේදි අතරුදන් වෙනවා. 

අර්වින්



1999 මැයි 1 වෙනි දින   එරික් සිම්සන් විසින් කල ගවේෂණයකදි මැලරි ගේ මල සිරුර සොයාගනු ලබනවා. අධික ශිතල නිසා  වසර 75කට පසුවත්  මැලරිගේ සිරුරේ සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ නොවි පවතිනවා. නමුත් ඔහු සමග කදු නැගිමට සහභාගි වූ අර්වින් ගේ සිරුර මෙතෙක් හමුව නැ.






සිරුර හමුවිමත් සමග එතෙක් නිහඩව ගලා ගිය මැලරි ගේ එවරස්ට් තරණ සංවාදය මතුවන්නට වුනා.

ඇතැම් ගවේෂකයින්ගේ මතය බවට පත්වූයේ මැලරි විසින් එවරස්ට් කදු මුදුන තරණය කරන්නට ඇති බවත්, නැවත කදු මුදුන බැසිමේදි මියයන්නට ඇති බවත්. නමුත් මෙම මතය තහවුරුව නැ. 

දැනට ගවේෂකයින් විසින් මැලරි විසින් රැගෙන ගිය කොඩැක් වර්ගයේ කැමරාව සොයාගනු වස් පරික්ෂණ කරනු ලබනවා. කැමරාවේ සටහන්ව ඇති දත්ත මගින් බොහෝ දේ අනාවරණය කරගත හැකි වේවි.

එමෙන්ම මැලරි ගේ දියනිය විසින් මැලරි වෙත තම මවගේ පින්තුරයක් දි තිබෙනවා, එවරස්ට් කදු මුදුනේ තබන ලෙස.  නමුත් එම පින්තුරය මැලරිගේ මල සිරුරෙු වූ වස්ත්‍ර වල තිබි හමුව නැ. ඒ අනුව මත පලකරනවා , මැලරි විසින් එවරස්ට් තරණය කර එම ඡායාරුපය කදු මුදුන මත තැබුවා කියලා. 

මේ කරුණු ගැන දැනටත් පරික්ෂණ සිදුකරනවා. තවත් දේවල් ඉදිරියේදි හෙලිවේවි.

එවරස්ට් කදු මුදුන හා මැලරි නාමය සදා බැදි පවතිනවා.

- රොෂින් ප්‍රනාන්දු




No comments:

Post a Comment