Monday, July 25, 2016

සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?

ඔයාලා අහලා අැති FBS, RBS වගේ ශරිරයේ සිනි මට්ටම පරික්ෂා කිරිම සදහා වූ පරික්ෂණ ගැන. මෙම පරික්ෂණ මොනවාද? එවාට සුදානම් වෙන්නේ කොහොමද වගේ සරල දේව්ල ටිකක් ගැන කතා කරන්න හිතුවා ඔයාලාගේ දැනගැනිම වෙනුවෙන්.







FBS - Fasting Blood Suger


දියවැඩියාව හදුනාගන්න  බහුලවම භාවිතා කරන වැදගත් පරික්ෂණයක්. 

පැය  10ක් නිරාහාරව නිරාහාරව සිටිය යුතුයි.
නිරාහාරව සිටින කාලය තුල ජලය හැර වෙනත් කිසි බිමක් පානය කිරිමට අවසර නැත.

පරික්ෂණය අනුව 110ට වඩා අඩුනම් නිරෝගි පුද්ගලයෙකි.
110ත් 126 අතර නම් පූර්ව දියවැඩියා රෝගියෙකි.
126 වැඩිනම් දියවැඩියා රෝගියෙකි.

RBS - Random Blood Suger

පෙර සුදානමකින් තොරව සිදුකල හැකි පරික්ෂණයකි.  ඕනැම වෙලාවකදි සිදුකල හැකිය.

පරික්ෂණය අනුව 200mg/dL වඩා සිනි මට්ටම වැඩිනම් දියවැඩියා රෝගියෙකු ලෙස සැලකේ.

HBA1C 

ගෙවිගිය මාස 3ක රුධිරගත සිනි මට්ටමේ මධ්‍යන්‍ය අගය ලබාගැනිම මෙහිදි සිදුකරයි.

පරික්ෂණයෙන්  6%ට වඩා අඩු ප්‍රතිපලයක් පෙන්වයි නම්, නිරෝගි පුද්ගලයෙකි. 6-6.5% ත් අතර නම් පූර්ව දියවැඩියා රෝගියෙකු වන අතර, 6.5%ට වැඩිනම් දියවැඩියා රෝගියෙකි.

PPBS

ගර්භනි සමයේ බහුලව කරන පරික්ෂණයකි.

ආහාර ගෙන පැය 2කට පසුව රුධිර පරික්ෂාව සිදුකරයි.

 නිරෝගි පුද්ගලයන්ගේ පරික්ෂණ ප්‍රතිපලය 200mg/dL ට අඩු අගයක් ගනි. 

   







 

No comments:

Post a Comment