Friday, July 22, 2016

රජෙක් සමග අමුතුම ගැලපීමක්

ඔයාලා පාරේ යනකොට ඔයා වගේම කෙනෙක් මුනගැසුනොත් මොකද වෙන්නේ? ඒ කෙනා රූපෙන් වගේම අනිත් දේවලිනුත් සමාන නම්??? පුදුමයි නේද?
මේ රජෙක්ට  වෙච්ච දෙයක්.



උම්බර්තෝ රජු


ඉතාලියේ රජු වූ පලමු උම්බර්තෝ රජතුමා දිනක් මොන්සා නගරයේ වූ අවන්හලකට ගොස් තිබෙනවා. එහිදි රජතුමා දුටුවා එම අවහන්හල් හිමිකරු රජතුමාගේ රුවට සමාන බව. හරියට රජතුමාට පොටෝකොපියක් ගැහුවා වගේ. මේ ගැන අවධානය දුන් රජතුමා මේ ගැන වැඩිදුරටත් සොයාබලද්දි දැනගත් කරුනු පුදුම සහගතයි.

  • රජතුමා හා අවන්හල් හිමිකරු ඉපිද ඇත්තේ  එකම දිනයකදි, එකම නගරයකදියි. එනම්   1944 වසරේ මාර්තු 14 දින ටියුරින් නගරයේදි.
  • රජතුමාගේ මෞලි මංගල්‍යය දිනයේදිම, අවහන්හල් හිමිකරු තම අවන්හල ආරම්බ කිරිම.
  • රජතුමා හා අවන්හල් හිමිකරු යන දෙදෙනාම විවාපත්ව ඇත්තේ මර්ගරිටා යන නම ඇතිකාන්තාවන් සමගයි.

වඩාත් පුදුම හිතෙන කරුණ නම්, උම්බර්තෝ රජතුමාව 1900 ජූලි 29 වැනිදා මොන්සා හිදි ඝාතනයට ලක්වූවා. එදිනම අවන්හල් හිමිකරුත් ඝාතනයට ලක්වූවා.

සමාන වීම් වෙන්න පුලුවන්.
ඒත් මෙච්චරටම සමානතා වෙන්න පුලුවන්ද?

- රොෂින් ප්‍රනාන්දු    

1 comment: