Monday, July 25, 2016

ටයිටේනියම් මෙන් සිව් ගුණයක් සවිමත් සුපිරි වැර ලෝහයක් සොයාගැනේ

ටයිටේනියම් හා රත්රන් ලෝහ මිශ්‍රකිරිම මගින් සුපිරි ශක්තිමත් ලෝහයක් රසායනාගාර මට්ටමින් නිෂ්පාදන කිරිමට විද්‍යාඥයින්ට හැකියාව ලැබි ඇත.





වෛද්‍ය විද්‍යාත්මක භාවිතයන් වෙනුවෙන් නිපදවා ඇති මෙම මිශ්‍ර ලෝහය, සජීවි ශරිර කොටස් සමග සම්බන්ද කලහැකි ශක්තිමත්ම ලෝහය බව විද්‍යායින් පවසයි.

සංශුද්ධ ටයිටේනියම් මෙන් සිවු ගුණයක් ශක්තිමක් මෙම ලෝහය වෛද්‍ය විද්‍යාෙව්  ඉම්ප්ලාන්ට්ස් සදහා භාවිතා කිරිමට හැකියාව ඇත.


දනහිසේ හා උකුලේ සිදුකරන ඉම්ප්ලාන්ට් සදහා මෙන්ද දත් සිටුවිමේදිද   මෙම ලෝහයෙන් නිෂ්පාදිත උපකරණ  බාවිතා කිරිමට නියමිතයි.

මෙම මිශ්‍ර ලෝහය සොයාගෙන ඇත්තේ, ටයිටේනියම් හා රත්රන් උපයෝගි කරගෙන කාන්දම් නිර්මාණය කිරිමේ පරික්ෂණයක් අතරතුරදි විම විශේෂත්වයකි.



No comments:

Post a Comment