Thursday, July 21, 2016

ලෝක යුද්ධයක් නැවැත්විමට හේතුවූ උණ

පලමු ලෝක යුද්ධය ගැන හැමෝම අහලා ඇති. 1914 සිට 1918 දක්වා පැවැති යුද්ධය තුල අති විශාල ජිවිත හා දේපල සංඛ්‍යාවක් විනාශ වුනා. ජර්මනිය පරාජය විමත් සමග යුද්ධය නැවැතුනත්, පලමු ලෝක යුද්ධය අවසන් විම පිටුපස එවකට පැතිර ගිය රෝග හේතුවුනා. ඒ ගැනයි මේ ලිපිය.




 
1918 අවසන් භාගයේදි ලොව පුරා පැතිර ගිය ඉන්ෆුවන්සා වසංගතය හේතුකොට ගෙන පලමු ලෝක යුද්ධයෙන් මියගිය පිරිසටත් වඩා වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වූ බව සදහන් වෙනවා.

1918 වසරේ වසන්ත සමය අවසන් අවසන් වෙත්ම, පැතිර ගිය   three-day fever වෛරස වසංගතය පලමු ලෝක යුද්ධයට දැඩි බලපැමක් 
එල්ල කලා.

වසංගතයේ බලපැම කොතරම් වි ද යත්, රෝග ලක්ෂණ මතුවි පැයකින් පමණ මියගිය රෝගින්ද වාර්තා වුනා. ලෝක යුද්ධයේ මධ්‍ය බලකදවුර හා මිත්‍ර පක්ෂ හමුදාවල සැලකිය යුතු පිරිසක්ද, එම රටවල් වල ජනතාවද රෝගයට ගොදුරු වුනා. මේ හේතුවෙන් අදාල රජයන් හට යුධ ගැටලුව මෙන්ම වසංගත ගැටලුවටද මුහුන දෙන්න සිදු වුනා. අවශ්‍ය අවිආයුධ තිබුනත් සටන් කරන්න පිරිස් නොමැති ගැටලුවකට මුහුන දිමටත් සිදු වුනා.




වසංගතය යුරෝපයේත් අැමරිකාව පුරාත් දරුණු ලෙස පැතිර ගියා. බොහෝ රටවල්, වසංගතය පාලනය කිරිම සදහා  ජනතාව විශාල ලෙස එක්රැස්විම තහනම් කලා. 

අවසානයේ 1918 වසරේ දි පලමු ලෝක යුද්ධය අවසන් විමට හේතුවක් ලෙසත් මෙම වසංගතය බලපැවා.


- රොෂීන් ප්‍රනාන්දු

 


No comments:

Post a Comment