Friday, February 17, 2017

මොකක්ද මේ Deep Web?

අන්තර්ජාලයේ සැරිසරන ඔබ අහලා ඇති Deep Web නැතිනම් Dark  Web ගැන. 
මොකක්ද මේ? මොකක්ද මේකේ විශේෂත්වට?







අපි එදිනෙදා සැරිසරන්නේ, සර්ච් කරන්නේ  වෙබ් එකේ  Surface Web කියන කොටස තුල පමනයි.  ගූගල් වැනි සාමාන්‍ය සර්ච් එන්ජින්  වැඩ කරන්නේත්  Surface Web තුලයි. නමුත් අපිට නොපෙනෙන අපිට පිවිසෙන්න අපහසු කොටසක් තියනවා. 

මෙය Deep web, Invissible Web , Hidden Web වැනි නම්වලින් හදුන්වනවා.  වෙබ් එකේ සාමාන්‍ය සර්ච් එන්ජින් වලින් Deep web එකට පිවිසෙන්න බැ. 

අපි සාමන්‍යයෙන් ඔයා යම් දෙයක් ගැන ගූගල් කරලා විස්තර හොයනවා. Surface Web  එකෙන් ඔයාට සර්ච් රිසල්ට් පෙන්වනවා ගොඩක්. නමුත් ඔයාට ඒ රිසාල්ට් එක ගොඩක් වගේ පෙනුනාට සමස්ථ   
සර්ච් රිසාල්ට්  අතින් ගත්තාම එය 0.03%  පමන කුඩා කොටසක් විතරයි. තව ගොඩක් තොරතුරු තියෙන්නේ Deep Web තුල තිබුනාත් ඒවා ගූගල් මගින් හොයාගන්න බෑ. හිතාගන්න කොච්චර ලොකුද කියලා?



Deep web වදන ලෝකයට හදුන්වා දෙන්නේ පරිගණක විද්‍යාඥ මයික් බර්ග්මාන් මහතා විසින්. ඔහුට අනුව සාමාන්‍ය සර්ච් එන්ජිමකින් සොයාගන්න අපහසු කොටස තමයි මේ Deep web කියන්නේ. ඔහු කියන විදිහට  Surface Web එකට වඩා Deep web එක 400-500 ගුණයක් විශාලයි. 

Deep web තුල Surface Web එකේ දකින්නට ලැබෙන සයිට්ස් අන්තර්ගත වනවා මෙන්ම අපිට දකින්න හෝ පිවිසෙන්න බැරි දේවල් ගොඩකුත් අන්තර්ගත වෙනවා. 

මෙය තුල බොහෝ නිතිවිරෝධි වැඩත් වෙනවා. 
  • අවිආයුධ ගනුදෙනු
  • මත්පැන් මත්ද්‍රව්‍ය ගනුදෙනු
  • හැකින්
  • දේශපාලන ලෝකයේ රහස්
  • තහනම් වෙබ් අඩවි
  • නිතිවිරෝධි දර්ශණ .... 


ලොව රහසේ වෙන බොහෝ දේ මෙහි ඇතුලත්. නමුත් දැනුම සොයන්නෙකුට නම් ඩාර්ක් වෙබ් තුල ඇති වෙන්න අවකාශ තියනවා. 

තාක්ෂණය හරියට භාවිතා කරලා අත පුච්චාගන්නේ නැතුව වැඩ කරන්න දන්නවානම් ගන්න ලබාගන්න පුලුවන් දෙවල් බොහෝමයක් මේ තුල තියනවා.

The Onion Router (TOR)  නම් බ්‍රවුසරය මගින් Deep web තුලට පිවිසෙන්න පුලුවන් කියලා මිතුරන් දන්නවා ඇති. 

නිතිවිරෝධි වැඩ කරන්න හිතන්න නම් එපා. 

- රොෂින් ප්‍රනාන්දු

2 comments: