Tuesday, July 26, 2016

චතුර්වේදය යනු කුමක්ද?

ඔයාලා අහලා ඇති චතුර්වේදය ගැන. ඉතින් මට හිතුනා චතුර්වේදය ගැන මා දත් කරුනු ඔබ සමග බෙදාගන්න.







චතුර්වේදය යනු ඉතා ඈත අතිතයේදි බ්‍රහ්මණයන් විසින් රචනා කරන ලද බ්‍රහ්මණ දහම සදහන් ශුද්ධවූ ග්‍රන්ථයන්.



මෙයට
  • සෘග් වේදය
  • යජූර් වේදය
  • සාම වේදය
  • අථර්ව වේදය, ඇතුලත්  වෙනවා.

 මින් පැරැණිතම වේද ග්‍රන්ථය වන්නේ සෘග් වේදයයි. ඉන්පසු පිලිවෙලින් යජූර් හා සාම වේද ලියැවෙනවා. මෙම වේද ග්‍රන්ථ කෙරෙහි  ප්‍රවීණ බ්‍රහ්මණයින්  ත්‍රිවේද ප්‍රාප්ත ලෙස හදුන්වනු ලබනවා. 

අවසනයට ලියැවුනේ අථර්ව වේදයයි.

මෙම වේද ග්‍රන්ථ වල අන්තර්ගතය ගැන තවදුරටත් සදහන් කලහොත්,

  • සෘග් වේදයෙහි  ස්වාභාවික වස්තූන්ට දේවත්වය ආරෝපනය කරමින් කරන වන්දනා ගැන මෙන්ම දේව ස්තෝත්‍ර ද මෙහි ඇතුලත් වෙනවා.
  • යජූර් වේදයෙහිදි දෙවියන්ට පූජා පැවැත්විය යුතු ආකාරය ගැන සවිස්තරව සදහන් වෙනවා
  • සාම වේදයෙහි,  පුද පූජා වලදි  ස්තෝත්‍ර ගායනා කල යුතු ආකාරය ක්‍රමවත්ව දක්වනවා.
  • අථර්ව වේදයෙහිදි,   ගුප්ත ශාස්ත්‍ර ගුරුකම් මෙන්ම ආයුර්වේදය ගැනද සදහන් වෙනවා.

ඔබත් දන්නා කරුනු එකතු කරන්න පුලුවන්.

- රොෂින් ප්‍රනාන්දු  

2 comments:

  1. මේවාගේ උපවේද මොනවාද??

    ReplyDelete
  2. මොන ශිෂ්ඨාචාරයේද

    ReplyDelete