Friday, July 29, 2016

ගුවන් කුරුල්ලෝ කොහේ බාන්නද?


ලොව ස්වාධීන රටවල් 5 කට ගුවන් තොටුපලවල්  නොමැති බව ඇසුවොත් ඔබ පුදුමවනවා නිසැකය‍. මෙම රටවල් සියල්ල යුරෝපා මහද්වීපයේ පිහිටා ඇති රටවල් වේ.



    1. අන්දෝරා



ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර පිහිටා ඇති අන්දෝරා රාජ්‍යයට ගුවන්තොටුපලක් නොමැත. ගුවන් තොටුපලක් නොමැති රටවල් අතුරින් විශාලතම රට වන්නේ අන්දෝරා රාජ්‍ය වේ. ආසන්නතම ගුවන් තොටුපල පිහිටා ඇත්තේ ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ ය.
   

     2. ලින්චෙන්ස්ටයින්


ලොව සමෘද්ධිමත්ම රටක් ලෙස සැලකෙන ලින්චෙන්ස්ටයින් රාජ්‍යයටද ගුවන් තොටුපලක් නැත. ලින්චෙන්ස්ටයින්  පිහිටා ඇත්තේ ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියානු දේශසීමා අතරයි. අාසන්නතම ගුවන් තොටුපලවල් පිහිටා ඇත්තේ ස්විස්ටර්ලන්තයේ හා ජර්මනියේය.

3.මොනාකෝ


 ලොව පොහොසත් රටක් ලෙස සැලකෙන මොනාකෝ රාජ්‍යය එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන කුඩාම රට වේ. එමෙන්ම ලොව වැඩිම ජනගහණ ඝනත්වයක් ඇති ස්වාධීන රාජ්‍ය වන්නේද මොනාකෝ රටයි. එමෙන්ම ලොව මුහුදු වෙරලක්ද සහිත කුඩාම රට වන්නේද මොනාකෝවයි. ප්‍රංශයෙන් තුන් පැත්තකින් වටවී ඇති මොනාකෝව අනෙක් පසින් මධ්‍යධරණී මුහුදෙන් ආවරණය වී ඇත. නමුත් මොනාකෝවට ගුවන් තොටුපලක් නැත.

මොනාකෝවේ සංචාරයක් ඇසුරින් සැකසූ ලිපිය කියවන්න පිවිසෙන්න
    


     4.සැන් මරීනෝ



ඉතාලියෙන් වටව පිහිටා ඇති සැන් මරීනෝ රාජ්‍යයටද ගුවන් තොටුපලක් නොමැත. සැන් මරීනෝ රාජ්‍යය යුරෝපා කවුන්සිලයේ(CoE) සාමාජිකත්වය දරන රටවල් වලින් අඩුම ජනගහණයක් ඇති රටයි.

    
   5.වතිකානුව



ඉතාලියෙන් වටව පිහිටා ඇති වතිකානුව ලොව කුඩාම රාජ්‍යයයි.  පාප් වහන්සේ එහි රාජ්‍ය නායකයා වේ. මෙහිද ගුවන් තොටුපලක් නැතත්, හෙලිකොප්ටර් ගොඩබැමේ හැකියාව පවති.

ඉහත සදහන් කල ස්වාධින රාජ්‍ය වලට අමතරව, නවසිලන්තයේ පාලනයේ පවතින යටත් ප්‍රදේශයක්  වන ටොකෙලවු හා  බ්‍රිතාන්‍ය යටත් දූපතක් වන පිට්කෑන් දූපතේද ගුවන්තොටුපලක් නැත.

- රොෂින් ප්‍රනාන්දු










3 comments:

  1. ස්විස්ටර්ලන්තය නෙවෙයි ස්විට්සර්ලන්තය Switzerland

    ReplyDelete
  2. මොනාකෝවේ සංචාරයක් ඇසුරින් සැකසූ ලිපිය කියවන්න පිවිසෙන්න link eka add karanna

    ReplyDelete
    Replies
    1. මොනාකෝ ලිපිය
      https://goo.gl/v99VeM

      වැනිස් ලිපිය
      https://goo.gl/1UQj7y

      Delete