Sunday, July 10, 2016

යුරේනියම් බලගැන්වීම අවි තැනිම වෙනුවෙන්ම ද?

ඉරාකය,ඉරානය,උතුරු කොරියාව වගේ රටවල් විසින් ‍‍‘‘යුරේනියම් බලගැන්විම‘‘ කරනවා කියලා ඇමරිකාව ඇතුලු බටහිර රටවල් වලින්  විටින් විට චෝදනා එල්ල වෙනවා. යුරේනියම් බලගැන්විම න්‍යෂ්ටික අවි තනන්න මෙන්ම  න්‍යෂ්ටික බලාගාර වලදි විදුලිය ජනනය කිරිමේදිත් වැදගත් වෙනවා. ඒ නිසා  යුරේනියම් බලගැන්විම හා න්‍යෂ්ඨක බලාගාර ගැන සරලව කතා කරනන් හිතුවා.






 න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ආකාර දෙකක් තියනවා.

  1. න්‍යෂ්ඨික විලයනය
  2.  න්‍යෂ්ඨික විඛණ්ඩනය

න්‍යෂ්ඨික විලයනයේදි සිදුවන්නේ  කුඩා පරමාණුක න්‍යෂ්ඨින් දෙකක් එකතු වි නව පරමාණුක න්‍යෂ්ඨියක් තැනිම. මෙහිදි විශාල ශක්තියක් නිදහස් වෙනවා.  සූර්යයා තුල සිදුවන්නේත් මෙවැනි ප්‍රතික්‍රියාවක්. එහිදි  හයිඩ්‍රජන්   සමස්ථානික  එක්වි හිලියම් නිපදවනවා. හයිඩ්‍රජන් බෝම්බය තුලත් මෙවැනි ප්‍රතික්‍රියාවක් සිදුවෙනවා. ඒ ගැන වෙනම පොස්ටුවක දි කතා කරමු.

න්‍යෂ්ඨික විලයනයක්

න්‍යෂ්ඨික විලයනයේදි සිදුවන්නේ  බරෙන් වැඩි විශාල පරමාණුක න්‍යෂ්ඨියක් බිදවැටි කුඩා පරමාණුක න්‍යෂ්ඨි නිපදවනවා.  උදාහරණයක් ලෙස යුරේනියම් 235 සමස්ථානිකයේ  න්‍යෂ්ඨික විඛණ්ඩනය සලකමු

යුරේනියම් 235 සමස්ථානිකයට නියුට්‍රෝනයකින් පහර දුන්විට, ක්‍රිප්ටන් හා බේරියම් යන මුලදව්‍ය සැදෙන අතර නියුට්‍රෝන තුනක්ද විශාල ශක්තියක්ද නිදහස් වෙනවා.

සාපෙක්ෂව න්‍යෂ්ඨික විලයනය මගින් න්‍යෂ්ඨික විඛණ්ඩනයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් නිදහස්වනවා.  නමුත් න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාවක් සිදුවෙන්න අතිවිශාල ශක්තියක් අවශ්‍ය කරනවා. ඒ නිසා දැනට න්‍යෂ්ඨික බලාගාර වල භාවිතා කරන්නේ න්‍යෂ්ඨික විඛණ්ඩනයයි.

න්‍යෂ්ඨික බලාගාරවලදි බහුලව භාවිතා කරන ඉන්දනයක් තමයි යුරේනියම් 235 කියන්නේ. යුරේනියම් බහුල මුලදව්‍යක් වුනත් එයින් 99%ක්ම පවතින්නේ යුරේනියම් 238 ලෙසයි. යුරේනියම් 235 ලෙස පවතින්නේ 0.7% වගේ සුලු ප්‍රමාණයක්.  ඒ නිසා යුරේනියම් 238 අතර තියන යුරේනියම් 235 වෙන්කරගැනිම තමයි යුරේනියම් බලගැන්විමේදි කරන්නේ.



යුරේනියම් අරගෙන කුඩු කරලා ​සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවා යෙලෝ කේක්(yellow cake) නැතිනම් යුරේනියම් ඔක්සයිඩ් ලබාගන්නවා. පෙර සදහන් කල පරිදි යෙලෝකේක් තුල අඩංගුවන්නෙත් යුරේනියම් 235 ඉතාම සුලු කොටසක් පමණයි. ඒ නිසා කේන්ද්‍රාපසරණය මගින් යුරේනියම් 235 වෙන්කරගැනිම සිදුකරනවා. කෙන්ද්‍රාපසරණය හැරුණු විට විසරණය, ලේසර් ක්‍රම මගින්ද මෙම සමස්ථානික වෙන්කර ගනන් පුලුවන්.

සාමාන්‍යෙයන් න්‍යෂ්ඨික බලාගාර ඉන්දන ලෙස අවැසි වන්නේ යුරේනියම් 235, 3-5% ක පමණ ප්‍රමාණයක් පමණයි.

නමුත් න්‍යෂ්ඨික අවි තැනිමේදි යුරේනියම් 235, 90%ක් පමණ දක්වා වෙන්කරගැනිම කරනවා. 

ඉන්දන ලෙස වුවත්, අවි තැනිමට උවත්  යුරේනියම් බලගැන්විම කරන්නේ එකම විදියකට. අන්න ඒකයි යුරේනියම් බලගැන්විමක් ගැන ඇසුවාම ලොවම කැලබිමට පත්වෙන්නේ.

තාක්ෂණය හොද දෑතකදි සුරක්ෂිතයි.
නමුත් 
නරක දෑතකදි????????

- රොෂින් ප්‍රනාන්දු 

3 comments: