Thursday, July 28, 2016

‎ශිෂ්ඨාචාර අතර බැදීම ලොවට හෙලිකල පාරු ගවේෂණ‬

ශිෂ්ඨාචාර අතර බැදීම් හා දූපත් ජනාවාසවීම් ගැන ඉතා ආයාසයකින් යුතුව කල අද වන විට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහෙන පැරැණි ගවේෂණ මාලාවක් කල ගවේෂකයකු ගැනයි අද කතාව. මැගලන්ට කලින් ලෝකේ වටේ මිනිස්සු ගියා කියලා ඔප්පු කරපු කතාවයි මේ.






පැසිෆික් සාගරයේ පිහිටා තියෙන ප්‍රංශ පොලි‍නේසියාව හා ඒ ආශ්‍රිත දූපත් ජනාවාස වූයේ දකුණු අැමරිකානු ශිෂ්ඨාචාර වලින් කියලා මතයක් ගොඩනැගී තිබුනා. මේ මතය ජනගත වෙන්න බලපෑවේ දකුණු ඇමරිකාව ආක්‍රමණය කල ස්පාඤ්ඤ ජාතිකයන්ගේ සටහන්, වෛද්‍ය විද්‍යාත්මක ගැලපීම්, පොලිනේසියානු දූපත් ආශ්‍රිතව වැවෙන සමහර ශාක වැනි සාධක නිසා. නමුත් මෙම කතාව විද්‍යාඥයින් පිරිසක් පිලිගන්න කැමැති වුනේ නැ. ‘‘පැසිෆික් සාගරය තරණය කරමින්, මෙතරම් දුරක් එන්න එකල හැකියාවක් තිබුනේ නැ.‘‘ ඒ මෙම මතය පිලිගන්නට අකැමති විද්‍යාඥයින්ගේ මතය වුනා.

තෝර් 


ඇත්තටම ප්‍රංශ පොලිනේසියාව ජනාවාස උනේ දකුණු ඇමරිකාවෙන් කියලා ඔප්පු කරලා පෙන්වන්න නොරේවේජියානු ගවේෂක තෝර් හයර්ඩල් හට අවශ්‍ය වුනා. ඔහු විසින් 1947 දි කොන් ටිකි නමින් මෙහෙයුමක් ආරම්භ කලා. පැරැණි ඉන්කා ශිෂ්ඨාචාර සමයේ භාවිතා වූ බව සැලකෙන බල්සා පහුරක් තනාගෙන පේරු සිට ප්‍රංශ පොලිනේසියාව බලා පැසිෆික් සාගරය හරහා ගමන් ආරම්භ කලා. කි.මි 8000 ක දුරක් දින 101ක පමණ කාලයකින් තරණය කරමින් ඔහු ප්‍රංශ පොලිනේසියාවේ තුවාමෝටස් දිවයින කරා ලගා වෙත්ම ගල්පරයක හැපි පහුර විනාශ වී යනවා. නමුත් දූපත්වාසින් තෝර් ව බේරාගනු ලබනවා. ඔන්න ඔහෝමයි තෝර්, පොලිනේසියාව ජනාවාස වීම ඔප්පු කලේ.

මේ ගවේෂණයෙන් නොනැවතෙන ඔහු විසින් ඉජිප්තු ශිෂ්ඨාචාර විසින් අත්ලාන්තික් සාගරය තරණය කර ඇමරිකාවට පැමිණි ආකාරය පිලිබද ගවේෂණයේ යෙදෙනවා. මෙහෙදි ඔහු භාවිතා කරන්නේ පැපයිරස් ශෘකයෙන් තැනු බෝට්ටුයි.  මෙම මෙහෙයුම් හදුන්වන්නේ ‘‘රා‘‘ නමින්. රා යනු සූර්යාට අධිපති මිසර දෙවියායි.

පැපයිරස් කොල ගැන වැඩි විස්තර දැනගන්න මෙම ලිපියට පිවිසෙන්න

‘‘රා 1‘‘ නමින් හදුන්වන පැපයිරස් බෝට්ටුවක් බාවිතයෙන් මොරොක්කෝවේ සිට අත්ලාන්තික් සාගරය තරණය ඇරබුවත්, හදිසි අනතුරකින් රා 1 බෝට්ටුව විනාශ වෙනවා. මෙයින් නොනැවතෙන තෝර්, නැවතත් පැපයිරස් බෝට්ටුවක් සාදනවා ‘‘රා 2‘‘ නමින්. ‘‘රා 2‘‘ මගින් මොරොක්කෝවේ සිට අත්ලන්තික් සාගරය තරණය කර බාබඩෝස් කරා ලගා වෙනවා. මෙයින් තෝර් තහවුරු කරනවා, පැරණි මිසර ශිෂ්ඨාචාර වලට හැකියාව තිබුනා කියලා පැපයිරස් බෝට්ටු මගින් අවශ්‍යනම් අත්ලාන්තික් තරණය කරන්න.

රා 1


තෝර් මේ හැම පරික්ෂණයකින්ම ඔප්පු කලේ ඈත අතිතයේ පටන් මිනිසා සරල ප්‍රවාහන ක්‍රම මගින් ලොව නන් දෙස සැරිසරා ඇති බවයි.

ඇත්තටම බැලුවොත් ලොව වටේ ගිය පලමු පුද්ගලයා මැගලන් නෙවෙයි, පැරණි ශිෂ්ඨාචාර වැසියෙක් වෙන්න ඇති කියලායි මේ වගේ පරික්ෂණ වලින් පසක් වන්නේ.


- රොෂින් ප්‍රනාන්දු

1 comment:

  1. බොහොම හොඳයි මේ අතීත කතා නැවත මතක්මේ කිරීම ගැන මා ලියන ලද ලිපි මාලාව ඔබට මෙතනින් බලන්න පුළුවන්

    ReplyDelete